සීත උයනේ විවෙිකී දවසක්

 

මෙම උද්‍යානය කඳු වළල්ලකින්ද යුක්තය. එහි ඉහළ කොටසේ නැරඹුම්  මධ්‍යස්ථානයක් නිර්මාණය කර ඇත. මෙහි සිට උද්‍යානයේ අපූරත්වය වඩාත් හොඳින් විඳ ගැනීමට හැකිය.


මෙරට පළමු උද්හිද උද්‍යානය පේරාදෙණිය රාජකීය උද්හිද උද්‍යානයයි. එය විවෘත වන්නේ 1821 දී ය. වසර 1861 දී හග්ගල උද්‍යනයේදී 1876 දී ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය, 2013 දී වියළි කලාපීය උද්හිද උද්‍යානයක් ලෙස මිරිජ්ජවිල උද්‍යානය  ආරම්භ කෙරෙනවා. 

 


බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල කේන්ද්‍ර කරගෙන සීතාවක උද්හිද උද්‍යානය නිර්මාණය  වන්නේ 2016 වසරේදී ය. මෙය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඇති වෘක්ෂලතා, අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමේ (විතැන් ශාක රක්ෂණය) මධ්‍යස්ථානයක අඩුව පිරි මැසීමය. 


 සීතාවක උද්භිද උද්‍යානය සැබැවින්ම සිත්ගන්නා සුලු ආකර්ෂණීය වූත් රමණීය භූමියකි. මෙහි මුළු භූමි ප්‍රමාණය අක්කර 106 කි. සංචාරකයින්ට වෙනත් උද්භිද උද්‍යානයකින්  නොලද අපූරුතම අත්දැකීමක් මෙම භූමියට පිවිසීමේ සිටම අත්විඳීමට හැකි ය. 


උද්හිද උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට උද්‍යානය කොටස් කීපයකට වෙන්කර ඇත. කුඹුක් කොටස, පුෂ්ප කොටස, මීමන උයන ඖෂධ උයන, තාල ශාක උයන, රෝස උයන පැළ තවාන ඉන් කීපයකි. මෙම උද්‍යානය කඳු වළල්ලකින්ද යුක්තය. එහි ඉහළ කොටසේ නැරඹුම්  මධ්‍යස්ථානයක් නිර්මාණය කර ඇත. මෙහි සිට උද්‍යානයේ අපූරත්වය වඩාත් හොඳින් විඳ ගැනීමට හැකිය.


මෙහි විවාහ මංගල උත්සව ඡායාරූප හා වීඩියෝ ගත කිරීම, ටෙලි නාට්‍ය හා චිත්‍රපට වෙළඳ දැන්වීම් රූපගත කිරීමට පසුතල  පහසුකම්ද ලබා ගැනීමට ද අවස්ථාව ලබා දී ඇත. එසේම පුංචි දරුවන්ට වැඩිහිටියන්ට හංස බෝට්ටු සවාරියක් යාමේ අවස්ථාවද  ඇත.


උද්‍යානය පර්යේෂණ හා සංචාරක මධ්‍යස්ථානයක් ලෙසත් අධ්‍යාපනික ලෙස පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල සිසුන්ට රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදාව, පරිසරවේදීන් විසින් කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදාගන්නා ස්ථානයක්ද වේ.


මෙම උද්‍යානය තවත් වැදගත්කම් රාශියකින්ද හෙබිය.



අද වනවිට රටේ සමස්ත ඉඩම් ප්‍රමාණය 2%ක වඩා අඩුය. තෙත් කලාපයේ මුළු බිම් ප්‍රමාණය 9.6%කට සීමා වී තිබේ. එපමණක් නොව වෘක්ෂලතා ආදිය ශීඝ්‍රයෙන් වඳ වී ගොස්ය. මෙවැනි කරුණු මුල් කරගනිමින් කලාපයට ආවේණික  නමුත් උද්හිද උද්‍යානය තුළ නොමැති ශාක රෝපණය කරමින් සංරක්ෂණ කිරීමද සීතාවක උද්හිද උද්‍යානය තුළ සිදුවෙයි.


සීතාවක උද්හිද උද්‍යානය මෙවන් කරුණු නිසා ඉතාම වැදගත් වූ උද්‍යානයක් ලෙස සඳහන් කළ හැකියි. පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල සිසුන්ටද මෙහි විශේෂිත වැඩසටහන් පැවැත්වෙන බවත් රත්නපුර දිස්ත්‍රික්කය තුළ සිටින මල්වගා කරුවන් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ට තාක්ෂණික දැනුම මෙන්ම ආධාරද ලබාදීම සිදුවනබවද එහි සහකාර අධ්‍යක්ෂ තාක්ෂණ හා ව්‍යාපෘති නිලධාරිනී හිරුණි විජේතුංග මහත්මිය සිරිකතට පැවසුවාය. 

 

 


ඡායා විස්තර
ශාන් බන්දු වීරසිංහ


 

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Previous

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment