සුරංඟනා ස්ටෝරුව “අම්මා”

සුළං කෝළකම් පාද්දි පුළුන් රොදවල් දඟපාන්නෙ හැංගිමුත්ම ඉවරයක් කරන්නෙ නැති ගානට. ස්ටෝරුව ගාව කොට්ට පුළුන් ගහ මේ සේරම බලාගෙන. එක දඟකාරයෙක පුළුන් රොදක් ඇවිත් මගේ පා ළඟ නතර වෙද්දී ඇස් ඉබේටම වගේ ගිහින් නතර වූණේ තේ කෑල්ල දිහාවට. මල් දැවටි තොප්පි ⁣තේ ගස් අස්සේ පෙනී නොපෙනී යනවා."රාජකුමාරවරු සෙල්ලම් කරනවා" එයාලගෙ පිටපතේ එක ජවනිකාවක් ඔය විදියට දිගඇරෙනවා. පුළුන් රොදවල් හෙවත් එයාලට අනුව මල් එකපාරට වැස්සක් වෙනවා. කියාගන්න බැරිතරම් ලෝබකමකින් මං අතීතයට දුවනවා. මගුල් ගෙදර, බේකරිය, ඉස්පිරිතාලේ මේ හැමතැනකම ව⁣ගේ චරිත මං රඟපානවා මට මැවෙනවා.

මගේ අධ්‍යක්ෂණය යටතේ තිර පිටපත මගේ ම දෙබස්වලින් වෙල් එළියෙ මඤ්ඤොක්කා ගස් ගාලේ, තිරගත වෙනවා. රෑට බතට ⁣ඉදෙන කෝම්පිට්ටු හබරල කොළවල උණුවට බෙදෙද්දී අම්මගෙ සාරිවලට නිවනක් නැති වෙනවා. පුංචි සයිකලේ කාර් එක වෙද්දි තේ ගස්වල කොළවලින් කඩේට සල්ලි දෙනවා. රඟපාපු හැම චරිතයක්ම මතක පිටු අතරෙ මාවම හිනස්සනවා. මං තව තැනක නතර වෙනවා. චූටි නංගිට නින්ද යන්න ලොකු අක්කා කතා කියනවා. මං එක කතාවකට සමවැදෙනවා. ඔන්න ලස්සන කුමාරිකාවක් හිටියා .ඒ වුණාට ඒ කුමාරිකාවට ඉන්න වුණෙ පාළු කාමරයක් ඇතුළෙ හිරවෙලා. ඒක සාපයක් නපුරු මන්ත⁣රකාරියෙක්ගෙ, ඒකෙන් මිදෙන්න නම් සදාතනික පෙමක් ඕනමයි. කුමාරයෙක් පේන පේනතෙක් මානෙකවත් නැතිවෙද්දි. එයාගෙ මතකෙට ආවෙ එයාගෙ අම්මාව.

සිතුවමක් කරලා එයා අම්මා දිහා බලාගෙන ඉන්නවා. පින්සලට ගන්නෙ පොල් කොස්සක්. පාළු කාමරෙක කෙහෙන්ද පින්සල්. අන්තමේදි ඇය සාපෙන් මිදෙනවා. ඉපදුණු දා පටන් නොනිමෙන සදාතනික පෙම අම්මා නිසා. මටවත් හිතගන්න බෑ ඒ කතා මං කොහොම ගෙතුවද කියලා. අන්තිමේදි මට මං ගැනම සතුටක් දැනෙනවා. රාජකුමාරිකවොන්ට බායි කියලා අම්මා එක්කම මාත් ස්ටෝරුව ගාවින් ගේ පැත්තට හැරුණා.


"Happy mother's day"


කතාවක සටහන - නෙත්මි තෂාරා

මහනුවර  දිගන  ,තෙල්දෙණිය  නගර වල  ගෘහස්ත ගෑස් හිඟයක්... Read Previous

මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment