අසිරිමත් පොසොන් පුර පසළොස්වක පෝ දා අනුරපුරේ සෙනගින් පිරී ඉතිරී යයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වෙමින් ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ ,සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වන්  පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම් කිහිපයක් කිහිපයක් හේතු විය.

එවක් පටන් බෞද්ධයො විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිනිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, අනුරාධපුරය මෙන් ම මුළු දිවයිනේම ආගමික ස්ථාන කේද්‍ර කරගමින් මෙවරත් සීල සමාධි,භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. 

ලක්දිව බෞද්ධ ශිෂ්ඨාචාරයේ මධ්‍යස්ථානය වූ මිහින්තලය ලොවෙහි ද අද්විතීය පූජනීයත්වයෙන් පිදුම් ලද සුවිශේෂී පුද බිමක් ලෙස ලක්දිව බෞද්ධයාට දායාද කරවූයේ අනුබුදු මිහිදු හිමියන් ගේ අසිරිමත් ලංකාගමනයයි.

එමෙන්ම ජනතාවට වෙහෙර විහාරස්ථාන වෙත යෑමට මෙන්ම උත්වශ්‍රියෙන් පොසොන් සැමරීමට පසුගිය වසර වලදී පැවති සෞඛ්‍ය හේතූන් මත නොහැකි විය. නමුත් මෙවර අනුරාධපුර නගරය දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරි ගොස් ඇත. 

වත්මන් අපටත් තෙරුවන් පිහිට, ධර්මයේ පිහිට ලැබීමට අවස්ථාව ලැබුණේද උන්වහන්සේ නිසාවෙන්මය. එනිසා මේ පින්බර පොසොන් පොහෝ දිනයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිහි කරමින් අපිත් උන්වහන්සේ මේ ලක්දිවට දායාද කළ අකාලික වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ සලසා ගන්නට මහන්සි ගනිමු.

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

I Will Always Love You ඩොලී පාර්ටන් Read Next

I Will Always Love You ඩොලී පාර්ටන්

Realted Post

Leave a comment