පියයුරක් අහිමිවීමේ වේදනාවට අපෙන් සැනසුමක්

 

මොකද්ද මේ බ්‍රෙස්ට් කුෂන්?
සැත්කමකින් පසුව, තුවාලයේ වේදනාව, අතට යටවීම හෝ අතේ වැදීම නිසා ඇතිවන වේදනාව ඉවත් කරගන්න, සුවසේ නින්දක් ලබාගන්න සුවපහසු ලෙස මේ බ්‍රෙස්ට් කුෂන් එක නිර්මාණය වී තිබේ. ඉතා සුවපහසු ලෙස මෘදු අමුද්‍රව්‍ය භාවිත කර පහසුවෙන් භාවිතා කරන්නට හැකි ලෙස නිම වී තිබේ. 

 

 

සොන්ටා ව්‍යාපෘතියෙන් අනගි දීමනාවක්
ජීවිතයේ නොසිතූ ලෙස පියයුරු පිළිකාවට ගොදුරුවී සැත්කමකට ලක් වූ ඔබේ වේදනාව පිළිසරණක් වෙන්න ඔවුන් සූදානම්. එය ඔබට නොමිලේ ලබාගත හැකි පහසුකමකි. ඔබ කළ යුත්තේ සිරිකත පුවත්පතේ පළවෙන මෙම කූපනය පුරවා 0767691569 යන දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමය. කූපනය රැගෙන පැමිණෙන ඔබට අවශ්‍ය බ්‍රෙස්ට් කූෂන් ලබා දීමට ඔවුන් සූදානම් ය. 
 

මැමෝග්‍රෑම් පරීක්ෂාවක් නොමිලේ හිමිකරගන්න
එසේම සොන්ටා ව්‍යාපෘතිය සමග එකතු වී සිරිකත අප අපේ පාඨකයන් වෙත තවත් අනගි අවස්ථාවක් උදාකර දී තිබේ. ඒ වයස අවුරුදු හතළිහ හෝ ඊට වැඩි පාඨකයින් සඳහා මැමෝග්‍රෑම් පරීක්ෂාවක් නොමිලේ සිදුකරදීමයි. මෙය ඕනෑම ප්‍රධාන පෞද්ගලික රෝහලකින් සිදුකරගැනීමට අවස්ථාව සලසා ඇත. ඒ සඳහා වැයවන මුදල සොන්ටා බ්‍රෙස්ට් කුෂන් ආයතනය ලබාදෙයි. මේ මහඟු අවස්ථාව හිමිවන්නේ පස්දෙනෙකුට පමණි. මැමෝග්‍රෑම් පරීක්ෂාව සඳහා අදාළවන කූපනය පමණක් පුරවා අපට එවන්න. දිනුම් ඇදීමකින් පමණක් ඒ මහඟු අවස්ථාව ඔබට උදාකර දෙනු ලැබේ.  

 


 

 


සටහන : නයනා උදයංගනී


 

තිස්සමහාරාම අවසන් රන්දෝලි පෙරහර සාර්ථකව අවසන් Read Previous

තිස්සමහාරාම අවසන් රන්දෝලි පෙරහර සාර්ථකව අවසන්

කොළඹ මහ නගර සභාවට නගරාධිපති ව්‍රායි... Read Next

කොළඹ මහ නගර සභාවට නගරාධිපති ව්‍රායි...

Realted Post

Leave a comment