පුංචි දූපත් අතරින් අසිරිමත් සංචාරයක්

 

 

වෙහෙසකර ජීවන රටාවට වඩාත් ගැළපෙන්නේ සංචාරයයි. මානසික කායික පීඩනයෙන් මිදී මඳ හෝ අස්වැසිල්ලක් ලබා ගැනීමට බොහෝදෙනා පෙලඹෙන්නේ සංචාරයටයි.


අප අද ගෙවන්නේ අර්බුද රැසක් මැදයි. මේ නිසාම ඔබට සහ දරුවන්ට සුළු හෝ අස්වැසිල්ලක් නිදහස් මානසිකත්වයක් අවශ්‍යම මොහොතක්. විශේෂයෙන්ම නාගරික ජීවන රටාවකට හිරවූ අයට ඒ අස්වැසිල්ල අවශ්‍යමයි.


බස්නාහිර පළාතේ විශාලතම තෙත්බිම වන බොල්ගොඩ පාරිසරික කලාපය ඉතා වැදගත්කම් රැසක් සහිත කලාපයක්. අප මේ සූදානම් වන්නේ ඔබත් සමග බොල්ගොඩ නදියේ බෝට්ටු සවාරියක් යාමටයි. මෙම සංචාරය පැය භාගයක සිට පැය 5 - 6 කාලය දක්වා ඔබට විඳින්නට හැකි සොඳුරු අත්දැකීමක්.


බොල්ගොඩ නදිය දූපත් රාශියකින් යුක්තයි. ඇතැම් දූපත් සංචාරකයන් අතර ඉතා ජනප්‍රියයි. කුරුලු දූපත, කිරල දූපත ඒ අතරින් කීපයක්. ඇතැම් දූපත්වල සංචාරක හෝටල් වගේම පුද්ගලික නිවාසද තිබෙනවා. තම පවුලේ අයගේ නිවාඩුව සඳහා ඉදි කළ පුද්ගලික බංගලාද ඒ අතර වෙනවා.


ඇක්වා ෆර්ල් හෝටලයෙහි කළමනාකාර අධ්‍යක්‍ෂක අනිල් නානායක්කාර මහතා පවසා සිටියේ මෙම බෝට්ටු සංචාරය ඉර උදාවන හෝ ඉර බැසයන කාලයේ වඩාත් සොඳුරුබවයි. විශේෂයෙන්ම උදේ පාන්දරට කුරුල්ලන් බහුලව දැකගැනීමට හැකි බවත් සවස් කාලයේදී ඉර බැස යන ීමබ ිැඑ එක නැරඹීම හරිම අපූරු අත්දැකීමක් වන බවයි.


අපේ ගමන් සගයා වූ පෙරේරා බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වසර ගණනාවක් බෝට්ටුවලින් සංචාරකයින් ගෙන යන පළපුරුදු සංචාරක මඟපෙන්වන්නෙක්.


“බෝට්ටුවේ යන හැමෝගෙම ආරක්ෂාව ගැන අප වගකියන්න ඕනෑ. ඒ නිසා ජැකට් දාගන්න වෙනවා. බෝට්ටුවේ හත්දෙනෙකුට පමණ එකවර ගමන් කරන්න පුළුවන්. මේ ගමනේදී කුරුල්ලන්, කඩොලාන බොල්ගොඩ ගඟටම ආවේණික මාළු විශේෂ දැකබලාගන්න පුළුවන්.” පෙරේරා මහතා වැඩිදුරටත් අපට සංචාරය පැහැදිලි කර සිටියා.


මේ පැත්තෙ මාළු අල්ලන්න එන්නෙ පානදුර, දිග්ගල ගම්වල ධීවරයන්. හවස ගියාම පසුවදා උදේට එන්නේ. වැඩිපුරම අල්ලන්නෙ කලපු පොකිරිස්සො, කකුළුවෝ, ඉස්සන්. සාමාන්‍ය කකුළුවෙක් රු 2000 ට විතර දෙන්න පුළුවන්. මොද්දෙක් රු 4000 ට විතර දෙන්න පුළුවන්. බොල්ගොඩ ගඟේ මොද්දො හරිම ජනප්‍රියයි.” ඔහු පැවසුවේය. 


හැදැල්ලා, අයිරාවෝ, පරවි මොද්දො කාරල්ලෝ වැනි මත්ස්‍ය වර්ගද බොල්ගොඩ ග`ගේ වෙසෙනවා.

 


පිළියන්දල දිග්ගල, තුඩුව, කහපල, වැනි ප්‍රදේශවලට යද්දී ජනප්‍රිය දූපත් කීපයක්ම හමුවෙයි. කුරුලු දූපත, කිරල දූපත, පෙන්ත්හවුස් දූපත, තොටුපළ දූපත ඒ අතර වෙයි. 


මෙරට ජනප්‍රිය ව්‍යාපාරිකයන් බොහොමයකගේ ගෙවල් ගඟ අයිනේ පිහිටා තිබෙනවා. එමෙන්ම ජනප්‍රිය කලාකරුවන් කිහිපදෙනකුගේ ද නිවාසද එහි පිහිටා තිබෙනවා. 


මෙවන් අසිරිමත් බෝට්ටු සංචාරයක් ඔබටත් විඳගන්න හැකියි. ඇක්වා ෆර්ල් හෝටලය ද බෝට්ටු සවාරි සංවිධාන කරනවා. එසේම එම   හෝටලය අගනගරය ආශ්‍රිත පැරණිම සංචාරක හෝටලයක්. 

 


සටහන/ඡායාරූප ශාන් බන්දු වීරසිංහ


 

 

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

වව්නියා බන්ධනාගාරයේ අලුත් යුනිට් එකක් Read Next

වව්නියා බන්ධනාගාරයේ අලුත් යුනිට් එකක්

Realted Post

Leave a comment