වද දීමෙන් දරුවා අපරාධකාරයෙක් වෙනවා

වර්තමාන තරඟකාරි අධ්‍යාපනයත් සමඟ “අම්මලාගේ විභාගේ” නමින් සමාජගත වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ළමයාට පීඩනයක් ගෙනදෙන්නක් බවට පත්වී ඇත. මේ පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ සැරයන් සම්පත් උඩුදුම්බර මහතා දැක්වූ අදහසක්.

ශිෂ්‍යත්වය කියන කාරණාවේදී දරුවාට වද වද දීම අනවශ්‍ය දෙයකි. අද සමාජයේ මතය වෙලා තිබෙන්නේ තාත්තටත් වඩා අම්මා කියන චරිතය ශිෂ්‍යත්වය වෙනුවෙන් දරුවාට වද දෙන බවයි. වර්තමානය වන විට දරුවාට අම්මා කියන චරිතය එපා වී ඇත. 

ශිෂ්‍යත්වය තුළින් දරුවාට ලැබෙන දේවල් කිහිපයක් ඇත. එනම් ශිෂ්‍යාධාරක් ලැබීම, ළමයට හොඳ පාසලක් ලැබීම, ළමයාගේ පෞරුෂය ඉහළ යාම සහ පාසලක ශිෂ්‍යත්ව සමතුන්ගේ ඡායාරූපයක් පලවීම ආදියයි. පාසලක ශිෂ්‍යත්ව සමතුන්ගේ ඡායාරූප ලබාගැනීමේ දී සියලු දරුවන් ඒ තුළ සිටිය යුතුය.

 ශිෂ්‍යත්වය සමත් වුවත් අසමත් වුවත් ශිෂ්‍යත්වයෙන් පසු දරුවාගේ පාසල් ගමන නතර වන්නේ නැත. “මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව විභාගය අතිවිශිෂ්ට ලෙස ෆේල්, නමුත් අපි අද ජීවිතය පාස්." ශිෂ්‍යත්වය අසමත් වීම තුළ දරුවන්ගේ ජීවිතය අසමත් වන්නේ  නැත.

විභාගය ජීවිතය වන්නේ නැත. එම නිසා එය සමත් වීමම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. සමත් විය යුත්තේ ජීවිතය බව දරුවාට කියා දිය යුතුමය. එක් අවස්ථාවකදී  චින්තක සමන් හේරත් දරුවාගේ පරිකල්පනීය ලෝකය පිළිබඳව අපූරුවට දකියි.
මේසයක් ළඟ පාඩම් කරමින් සිටින දරුවා මැදියම ගෙවෙන මොහොතේදී පාඩම් මේසෙ ලඟ කවුළුව තුළින් පෙනෙන හඳ සමඟ සංවාදයේ යෙදෙයි. 

සිය පරිකල්පනය තුළ සඳ සාවාගෙන් තොරතුරු විමසයි. එය දරුවාගෙ ළමා මනසේ හැසිරීම් ස්වභාවයයි. නමුත් මේ අවස්ථාවේදි පැමිණෙන මව දරුවෝ අමතකද ශිෂ්‍යත්වය නුඹට කියමින් කවුළුව වසා දමයි. ඒ තුළ සම්පූර්ණ ළමා පරිකල්පනය බිඳ වැටෙයි.

අනාගතයේදි ඔබට ළමයා වදයක් නොවීමට නම් ළමයාට ළමයාගේ භූමිකාවේ සිට ඉගෙන ගන්න ඉඩ ලබා දිය යුතුය. ළමයා කවිත්වය ප්‍රගුණ කරමින්  ළමයට කැමැති දේ ජීවිතය කර ගන්න ඉඩ ලබා දිය යුතුය. දෙමාපියන් සෑම අවස්ථාවක ද දරුවා තේරුම් ගත යුතුය. 

එක් අවස්ථාවකදී මවක් තම දරුවා පාඩම් නොකරන බවට ගෙන එන චෝදනාවේදී දරුවා පවසන්නේ තමාට පාසලෙන් ලැබෙන අධ්‍යාපනය තුළින් සෑහීමට පත් විය හැකි බවත් යළි යළිත් පාඩම් කිරීම අනවශ්‍ය බවයි. එනම් දරුවා තමාගෙ මනසට දැරිය හැකි පමණින් සියලු කරුණු ධාරණය කර ගනී.

දරුවාට අධ්‍යාපනය ලබා දීමේදී වද කිරීම,බල කිරීම නොකළ යුතුය. වද දීම තුළ දරුවා අපරාධකාරයෙක් වීමේ ප්‍රවණතාවය වැඩිය.  එම නිසා දරුවාට තම පරිකල්පන ලෝකය තුළ තම ළ්මා මනස මෙහෙයවීමට අවස්ථාව ලබා දිය යුතුය. ඒ තුළ දරුවාගෙ හැකියාවන් හඳුනා ගැනීම වැදගත්වේ. එවිට ජීවිතය දිනූ දරුවෙක් දැක ගන්නට පුළුවනි.

සටහන - නයෝමි ෂර්මිලා
(ලංකාදීප Online මාංචු වැඩසටහනින් උපුටා ගත්තකි)

මේ දිනවල පවතින වෛරස් රෝගවලට Read Previous

මේ දිනවල පවතින වෛරස් රෝගවලට

බණ්ඩාරනායක අනුස්මරණ  ජාතික පදනමෙන්  රජයට මිලියන 250ක් Read Next

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රජයට මිලියන 250ක්

Realted Post

Leave a comment