පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් පිටියේදී ලංකාවට පදක්කම් වැස්සක්
සමස්ත රන් පදක්කම් ගණන 10 දක්වා ඉහළට
වස්කඩුව සිට්‍රස් (Citrus) හෝටල් පරිශ්‍රයේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දක්වීමට ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. මැයි 17 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා සම්මත , අධිවේගී සහ වේගී යන ආකෘති තුනෙන්ම පැවැත්වුණු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 34ක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කළේය.
ඒ අනුව තරගාවලිය පුරා ශ්‍රී ලංකාව සතු කරගත් සමස්ත පදක්කම් අතරට රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ඇතුළත් විය.
තරගාවලියේ අවසන් දිනය වූ සඳුදා (25 වැනිදා) නිමාවට පත් වූ ක්ලැසිකල් (සම්මත) චෙස් තරග අංශයෙන් පමණක් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 6ක් ඇතුළුව පදක්කම් 11ක් හිමි විය.
එහිදී රිත්මිත තෙහස් කිරින්ගොඩ සහ තෙවින් විජේසිංහ රන් පදක්කම් ද, සෙතුම්ලි දෙව්හාරා, ඇන්ජෙලා ප්‍රනාන්දු සහ විහස් රණවීර රිදී පදක්කම් ද,රනිඳු ලියනගේ, කෞශල්‍යා අල්විස්, චෙනිත ඕවිටිගල, එම්. ඒ. ඩී. ඩී. ඩී. මුණසිංහ, රිවීනු තිලකවර්ධන සහ සෙහන්සා ද සිල්වා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය .
ඒ අනුව සමස්ත තරගාවලියේදී අධිවේගී, වේගී සහ සම්මත තරග අංශ ත්‍රිත්වයේ ම ශ්‍රී ලංකාව රන් පදක්කම් 10ක් රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 17ක් සිය ජයග්‍රහණ අතරට එකතු කර ගැනීමට සමත් විය
ඒ අනුව ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 34ක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත් විය.
උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත

Leave a comment