අධික හිරු රශ්මියෙන් ඉන්දියාවේ පුද්ගලයින් 12ක් මියයයි

 

ඉන්දියාවට පමණක් නොවේ, මේ දිනවල දරාගැනීමට නොහැකි උණුසුම් කාලගුණයකින් අපේ රටේද බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. ඒ නිසාම අධික හිරු එළියට නිරාවරණය නොවෙන ලෙසට පසුගිය දිනවලද විවිධ මාධ්‍ය ඔස්සේ විටින් විට ඒ පිලිබඳව දැනුවත් කිරීම්ද සිදුවිය. මේ හේතුව නිසා සතුන්ද පීඩාවට පත්වී තිබෙන අතර සමහර ප්‍රදේශවල උණුසුම දරාගැනීමට නොහැකිව එලුවන් සහ හරකුන් මියගොස් ඇති බව ද අනාවරණය වුණා.

මෙරටට මෙන්ම දරාගැනීමට නොහැකි උණුසුම් කාලගුණය ඉන්දියාවට ද දැඩි බලපෑමක් එල්ල තර තිබේ. ඒ අනුව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවති සම්මාන උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් 12 දෙනකු හිරු රශ්මිය නිසා මියගොස් තිබෙන අතර තවත් බොහෝ පිරිසක් රෝහල් ගතකර ඇතිබව වාර්තා වේ.
කෙසේ නමුත් වෙනත් මාසවලට වඩා මේ අප්‍රේල් මාසයේ අධික හිරු එළිය වඩාත් උණුසුම් වන අතර උදෑසන 11සිට හවස 4 දක්වා කාලය තුල හිරු එළියෙන් ආරක්ෂා වී සිටින ලෙසට සෞඛය විශේෂඥයින් ජනතාව දැනුවත් කර ඇත.

නයනා උදයංගනී

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment