අසහාය රංගධර ජැක්සන් මෙලොව හැර යයි

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය.  

2022 වර්ෂයේ ජූලි 02වනදා අනුරාධපුර ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් කැබ් රථයට අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ප්‍රතිකාර සඳහා අනුරාධපුර ජාතික රෝහලට ඇතුළත් කෙරෙණි. 

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාස 14කට ආසන්න කාලයක්  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.

විශිෂ්ට මාධ්‍යවේදීයෙකු, රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඔහු මෙරට කලාවේ අමරණීය සටහනක් සනිහිටුවන් කළ කලාවේදියෙකි.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය අතර එදින සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබේ.

සිරිකත  Online අපගේ සංවේගය මෙසේ පල කරමු.

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Previous

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment