ආන්දෝලනාත්මක අදහසක් පළකරපු මියාකලීෆා ට වෙච්ච දේ...

ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලයට නිගරු කළ මීයා කලීෆා ට සිය රැකියාව අහිමි වී තිබෙනවා. 

මීයා කලීෆා යනු අසැබි නිළියක ලෙස කලක් ප්‍රසිද්ධව සිටි තැනැත්තියක්. 

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙද්දී, මීයා සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පලස්තීනයට සහාය පළ කිරීමට පටන් ගෙන තිබෙනවා. 

'මීයා කලීෆාගේ සහාය පලස්තීනයට' යනුවෙන් පුවත් මැවීමට ඇගේ එම අදහස් දැක්වීම් හේතුවක් වී තිබුණා.

මීයා, ටොජ් ෂැපිරෝ නමැති ගුවන් විදුලි නිවේදකයා සමඟ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටි අතර, මියාගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඇය ගැන අප්‍රසාදය පළ කළ ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

30 හැවිරිදි මීයා කලීෆා ලෙබනන්-ඇමෙරිකන් තරුණියක්. 

මීයා උපත ලබා ඇත්තේ ලෙබනනයේ බීරූට් නුවරය. ඇය අසැබි නිළියක් ලෙස ජනප්‍රිය වූයේ 2014 වසරේදීය. ඒ, ඇමෙරිකාවට යෑමෙන් පසුවයි.

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment