ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේදී මව්බිම රන්,- රිදියෙන් සැරසූ තරුෂි

ආසියානු මලල ක‍්‍රීඩා උළෙලේ තරග ඉසව් දෙකකදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගනිමින් මව්බිමට ජය රැුගෙන එන්නට වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ තරුෂි රත්නායක සමත් වී ඇත. ඊයේ එනම් පස්වැනිදා පැවති අවුරුදු 20න් පහළ කාන්තා මීටර 800 ඉසව්වෙන් ඇය මිනිත්තු 02.05.63කදී තරගය නිමා කරමින් රන් පදක්කම දිනාගත් අතර පසුගිය හතරවැනි දා පැවති කාන්තා මීටර් 400 ඉසව්වෙන් තප්පර 53.70කදී තරගය නිම කරමින් රිදී පදක්කමක් දිනාගෙන ඇත.

මීට පෙර දක්ෂතා රැුසක්ම පෙන්ව ඇති ඇය 2019 වසරේ පැවති මධ්‍යම පළාත් තරගාවලියේදී වයස අවුරුදු 16න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා ගත්තාය. එමෙන්ම ඇය එම වසරේම පැවැත් වූ සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා තරගාවලියේදී මීටර් 400 සහ 800 තරග වට නියෝජනය කරමින් නව වාර්තාවක් තබා රන් පදක්කමක් හිමිකර ගැනීමට සමත් විය.. කහටගස්දිගිලිය ප‍්‍රදේශයේ උපත ලබා ඇති තරුෂි 2019 ශ්‍රීමත් ජොන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේ මීටර් 800 වාර්තාවද හිමිකරගැනීමට සමත් වී ඇත.

නයනා උදයංගනී

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Next

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

Realted Post

Leave a comment