ඉර ජීවිත දෙකක් ඉවර කරයි

 

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය නිසා සෑම කෙනෙක්ම දැඩි අපහසුතාවකට පත්ව ඇත. ඒ හේතුව නිසා දරාගැනීමට නොහැකි ලෙස දහදිය දැමීම, පිපාසය ඇතිවන අතර ස්නානය කිරීමෙන් ජලය පානය කිරීමෙන් පවා ඒ අපහසුතාව මඟහරවා ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. දරාගත නොහැකි උණුසුම හේතුවෙන් ඉන්දියාවේ ද බොහෝ දෙනෙක් මියගිය පුවත් ද පසුගිය දිනවල වාර්තා විය. කෙසේ නමුත් පවතින උණුසුම නිසා මේ වන විට ලංකාවේ ද පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් තිබෙන පුවතක් වාර්තා වේ. 


අධික උණුසුම නිසා තාප කම්පන තත්ත්වයට පත්වීමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ එප්පාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 - 38  යන වයස් කාණ්ඩයන්ට අයත් පුද්ගලයින් දෙදෙනෙකි. 


මොවුන් දෙදෙනාගෙන් එක් අයකු මියගොස් ඇත්තේ අවුරුදු උත්සවයක කඹ ඇදීමක දී අධික වෙහෙසට පත්ව සිටී මොහොතක හිසට අයිස් වතුර වත්කර ගැනීමෙන් පසුව බව අනාවරණය වී තිබේ. අනෙක් පුද්ගලයා කුඹරේ තණකොළ කැපීමෙන් අනතුරුව දිය නෑමෙන් පසු මියගොස් ඇත.

නයනා උදයංගනී


 

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment