ඊශ්‍රායල-හමාස් ගැටුමට තාක්ෂණික දැවැන්තයින් වගකිවයුතුද?

එක්සත් ජනපද සෙනෙට් සභික මයිකල් බෙනට් තාක්‍ෂණික දැවැන්තයින් වන මෙටා, එක්ස්, ටික්ටොක් සහ ගූගල් ආයතන වලට දැනුම්දීමක් කර තිබෙන බව රොයිටර් පුවත් සේවය වැනි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ, ඔවුන් ඊශ්‍රායල-හමාස් ගැටුම පිළිබඳ අසත්‍ය සහ නොමඟ යවනසුලු අන්තර්ගතයන් පැතිරීම නැවැත්වීමට උත්සාහ කළේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසයි.

එයට හේතුව මෙම ගැටුම ආරම්භ වීමෙන් පසුව මෙම සමාජ මාධ්‍ය වේදිකාවල අසත්‍ය තොරතුරු වාර්තා කර තිබීමයි.

නමුත් සමාජ මාධ්‍ය ආයතන ගැටුමට ප්‍රතිචාර වශයෙන් මෑත දිනවල ගත් පියවර කිහිපයක් පිළිබඳව දන්වා තිබුණා. මේ සඳහා පිළියමක් ලෙස ටික්ටොක් ආයතනය අරාබි සහ හෙබ්‍රෙව් කතා කරන අන්තර්ගත පරිපාලකයින් බඳවාගෙන තිබෙනවා. 

එමෙන්ම හමාස් ප්‍රහාරයෙන් පසු පළමු දින තුන තුළ හෙබ්‍රෙව් හෝ අරාබි භාෂාවෙන් අන්තර්ගත කොටස් 795,000කට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති බව හෝ සලකුණු කර ඇති බව ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හිමි මෙටා ආයතනය පවසා ඇති බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම එක්ස් සහ ගූගල් ආයතන කියා සිටින්නෙද හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

සටහන - කසුනි

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Next

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

Realted Post

Leave a comment