උමාරාට වැඩ වරදීද....?

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භයේ දී ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනයේදී එයට වෙනසක් එකතුකර තිබීම මේ වන සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක් වී ඇත. මේ වන විටත් ඒ සඳහා එල්ලවෙන දැඩි සමාජ විරෝධය නිසා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ජාතික ගීය රැප් හෝ නැවත මිශ්‍රකර ගායනා කිරීමට නොහැකි බවයි. ජාතික ගීය ගායනයට සම්මත ක්‍රමයක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් ඊට අදාල පාර්ශව දැනුවත් කරන බව ද අමාත්‍යවරයා පවසයි.

නයනා උදයංගනී

 

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට Read Previous

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Next

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

Realted Post

Leave a comment