එරංග ජයවර්ධන වසරේ විශිෂ්ටතම ඡායාරූප ශිල්පීන් අතරට...

පුලිට්සර් ත්‍යාගය යනු ලොව වඩාත් හොද පිළිගැනීමකට පාත‍්‍රවන ගෞරවණීය ත්‍යාගයකි. අමෙරිකානු ගෞරවණීය පුවත්පත් කලාවේ මාධ්‍යවේදියකු වූ ජෝසෆ් පුලිට්සර් ගේ නමින් පවත්වන මෙම සම්මාන උළෙල මුද්‍රිත මාධ්‍යකරණය සාහිත්‍ය සහ සංගීත සංයෝජනය වෙනුවෙන් පිළිගන්වන ලොව ඉහළම ත්‍යාගය වන අතර එය ආරම්භ වී ඇත්තේ 1917 වසරේදීය.

මේ වන විට ඉහළ පිළිගැනීමක් ඇති මෙම පුලිට්සර් ප‍්‍රයිසස් සම්මාන උළෙල සදහා මෙරට ප‍්‍රවීණ ඡායාරූප ශිල්පියකු වන එරංග ජයවර්ධනගේ නම ද අවසන් නාම යෝජනා අතරට එක් වී ඇති බව වාර්තා වේ. ඒ උණුසුම් පුවත් (Breaking News) කාණ්ඩය යටතේයි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඡායාරූපකරණය පිළිබද අධ්‍යයනය කර ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික සංවර්ධන, ගැටුම් සහ සාමය පිළිබද ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි.

එරංග ජයවර්ධන මේ වන විට ඇසෝසියේටඞ් ප්‍රෙස් (AP) ආයතනය වෙනුවෙන් අපේ රටේ සහ මාලදිවයින් පුවත් ආවරණයෙහි යෙදී සිටී.

නයනා උදයංගනී

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment