ඔස්කාර් දිනූ ‘නාටු නාටු’ ඉන්දියාවට ආඩම්බරයක් ගෙනෙයි

 

ජනප්‍රිය ගීතයක් ලෙස ලොව පුරා සුවහසක් රසික සිත් සොරාගත් තෙළිඟු බසින් නිර්මාණය වූ නාටු නාටු ගීතය මෙවර ඔස්කා සම්මාන උළෙලේ සම්මානයට පාත්‍රවීම ඉන්දීය ඉතිහාසයට අභිමානයක් එකතු කළා. 


RRR චිත්‍රපටයේ ගීතයක් වන නාටු නාටු ගීතය රචනා කළ එම්.එම්. කීරවානී පවසන්නේ ඒ ජයග්‍රහණය සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බරයක් බවයි. ඒ වගේම මේ පුවත නාටු නාටු ගීතයට පෙම්බැදි ලොවපුරා රසිකයින්ට ඉමහත් ප්‍රීතියක් රැගෙන එන ආරංචියක් වී ඇති අතර ගීතය නිර්දේශිත නාම අතරට එක් වූ දා පටන් එය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවනු ඇතැයි රසිකයින් බලාපොරොත්තු දල්වාගෙන සිට ඇති බවත් වාර්තා වෙනවා. ඒ වන විටත් ජනප්‍රියත්වයේ  හිනිපෙත්තේ තිබූ මේ වේග රිද්ම ගීතය ගෝල්ඩන් ග්ලොබ් සහ ක්‍රිටික්ස් චොයිස් යන සම්මාන දෙකද හිමිකරගෙන තිබෙනවා. 

 


මෙම ගීතය රිහානා, ලේඩිගාගා වැනි ප්‍රබලයින් පරදවා 95 වැනි ඇකඩම් සම්මාන උළෙලේ දී හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානයද දිනාගැනීම විශේෂත්වයක්. 


රාම් චරන් සහ රාමා රාඕ යන නළුවන් දෙදෙනා ජවසම්පන්න නර්තනයක් ඉදිරිපත් කරන මේ ගීතය නර්තන ශිල්පීන් 150ක් සහ කාර්යමණ්ඩලයේ 200ක් සමග දිනකට පැය 12ක් දින 15ක් පුරා රූගත කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නයනා උදයංගනී 


     

ද යූත්ක්වේක් Read Previous

ද යූත්ක්වේක්

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment