කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ජනවාරි පළමු වැනිදා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්.

පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය අනෙකුත් අපරාධ සම්බන්ධ සිදුවීම් හා විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංකයක් ජනවාරි පළමුවැනිදා සිට හඳුන්වා දීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ විශේෂ උපදෙස් හා මග පෙන්වීම පරිදි, වැඩ බලන පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ක්ෂණික දුරකථන අංකය මගින් දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම භාෂාවකින් තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැනුම් දීමේ හැකියාව පවතී.

 පොලිස් කාන්තා නිලධාරිනියන් විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක කරන මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාන්තාවන්ට හා ළමුන්ට වඩාත් විශ්වාසනීය ලෙස සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි අවශ්‍ය සේවාවන් ලබාදීම අරමුණ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා දකුණු පළාතේ පැවැති විශේෂ වැඩසටහන් මාලාවකට එක්වෙමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශය

2023.12.19

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Previous

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Next

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

Realted Post

Leave a comment