කිම් කාර්ඩෂියන්ගේ පෙනුම ගන්න ගිය නිරූපිකාව සැත්කමෙන් පසු මරු දකී...

 

මේ කණගාටුදායක පුවත වාර්තා වෙන්නේ අමෙරිකාවෙන්. කිම් කාර්ඩෂියන් කියන්නේ ලෝකයේ ⁣බොහෝ දෙනකුගේ අවදානය දිනාගත් කාන්තාවක්. ඇය හොලිවුඩයේ ආකර්ෂණීයම කාන්තාව කිව්වොත් නිවැරදි යි. ඒ නිසාම ඇයගේ හැඩ රුවට සමානව සිරුර සහ පෙනුම වෙනස් කරගන්න උත්සහ කරන පිරිසත් බොහෝමයි.

මේ පුවතත් එවැනි කතාවක් ගැනයි.


අමෙරිකාවේ ජීවත් වූ Ashten G නැමති නිරූපිකාවක් මෙලෙස කිම් කාර්ඩෂියන් වගේ පෙනුම ලබාගැනීමට ප්ලාස්ටික් සැත්කමක් සිදුකරගෙන තිබෙන අතර, එම සැත්කම සිදුකර පැය කිහිපයකට පසුව අමෙරිකාවේ කැලිෆෝනියාවේ රෝහලකදී ඇය මියගොස් ඇතිබව වාර්තා වේ.


මිය යන ව්ට 34 හැවිරිදි වියේ පසුවූ මෙම නිරූපිකාව මෙලෙස මියගොස් ඇත්තේ සැත්කමේ අතුරු බලපෑමක් මත බව රෝහල් වෛද්‍යවරු පවසා ඇත. ඇය මීට කලින්ද කිම් වගේ පෙනුම ලබාගැනීමට සිතා අවයව විශාල කර ගැනීමට සැත්කම් කිහිපයක්ම සිදුකරගෙන ඇති බවද වාර්තා වේ.

නයනා උදයංගනී


 

ද යූත්ක්වේක් Read Previous

ද යූත්ක්වේක්

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment