කෝටි ගාණන්වලට වෘෂණ කෝෂ විකුණන්න පුළුවන් ද?

 

මේ දිනවල සමාජ මාධ්‍ය පුරා විවිධාකාර ලෙස කතාබහට ලක්වී ඇති වෘෂණ කෝෂ විකිණීම සහ බද්ද කිරීමේ කතාව ඇත්තක්ද? ඇත්තටම තවත් පුද්ගලයෙකුගේ වෘෂණ කෝෂයක් වෙනත් පුද්ගලයෙකුට බද්ධ කළ හැකිද? එහි ඇත්ත නැත්ත හරිහැටි නොදැනම නොයෙක් කතාබහ ප්‍රචාරය වෙමින් පවතිනවා.


මේ කතාබහ පැතිර යන්න මූලිකම හේතුව වුණේ බොරැල්ලේ පෞද්ගලික රෝහලක එවැනි සැත්කම් කරන බවට යම් පුද්ගලයෙක් කළ ප්‍රකාශයක් නිසයි. ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වෘෂණ කෝෂයක් සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක මිලක් ලබාදෙන බව තැරැව්කරුවෙකු ප්‍රකාශ කළ බවයි.


එහෙත් මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ ඇතැම් මාධ්‍ය මඟින් වෘෂණ කෝෂ බද්ධ කිරීමක් ගැන තොරතුරු අසන්නට ලැබුණ බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එවැනි බද්ධ කිරීම්වලට අවසර හෝ අවස්ථාව ලබා දී නැති බවත්ය. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයාගේ මතය වන්නේ පර්යේෂණාත්මක වශයෙන් හෝ සායනික වශයෙන් එවැනි බද්ධ කිරීමක් සිදුකර නොමැති බවත්ය. 


එමෙන්ම එවැනි වෘෂණ කෝෂයක් හෝ අවයවයක් විකිණීම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පවා නීත්‍යානුකූල නොවෙන බව ද සඳහන් වේ.

නයනා උදයංගනී


 

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය Read Previous

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Next

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

Realted Post

Leave a comment