ගිනස් පොතට ගිය නොමේරූ කැනේඩියානු නිවුන්නු

 

ලෝකයේ නොමේරූ දරුවන් ලෙස මුලින්ම ගිනස් වාර්තා පොතට එක්වෙන්නේ අමෙරිකාවේ අයෝවා ජනපදයේ දරුවන් දෙදෙනෙක්. එය සිදුවන්නේ 2018 වර්ෂයේ. එහෙත් මේ වන විට කැනේඩියානු සිඟිත්තන් දෙදෙනෙක් ඒ ගිනස් වාර්තාව අලුත් කරන්න සමත් වෙලා තිබෙනවා.


මේ විදියට සති 22ක් එනම් දවස් 126කින් ඉපදිලා තිබෙන නිවුන් සහෝදරයින් දෙන්නා ආඩියා සහ ඒඩි්‍රයල්. ඒ වගේම මේ පැටවු දෙන්නගේ ජීවිතේ බේරාගන්න වෛද්‍යවරුන් විශාල පරීශ්‍රමයක් දරලා තිබෙනවා.  
පුංචි පැටවුන් දෙන්නාගේ අම්මා ෂකීනා රාජේන්ද්‍රම්. ඇය පවසන විදියට ඇයට දරු ප්‍රසූති වේදනාව පැමිණ තිබෙන්නේ දරුවන් නොමේරූ අවස්ථාවක. ඒ නිසා වෛද්‍යවරු ඇයට පවසා තිබුණේ දරුවන්ගේ ජීවිතේ බේරාගන්න තිබෙන අවස්ථාව 0% ක් කියලයි. ඒ නිසාම ඇය රෝහල් ගත කිරීමෙන් පසු ඇයගේ ආදරණීය සැමියා කෙවින් නඩරාජා මුළු රාත්‍රිය පුරාම තමන්ගේ අලුත් බලාපොරොත්තුව වෙනුවෙන් යාඥා කර තිබෙන බව සඳහන් වෙනවා. 


කෙසේ නමුත් අවසානයේ පුංචි සිඟිත්තන් දෙදෙනා උපත ලබා ඇති අතර මේ වෙනවිට වසරක් පමණ වන මේ නිවුන් සහෝදරියන් හොඳ නිරෝගී සුවයෙන් පසුවෙමින් ලොව නොමේරූ දරුවන් ලෙස ගිනස් වාර්තා පොතට එක්වී සිටිනවා.

නයනා උදයංගනී 


  

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment