ගුවන් යානයක් කටුනායක නිවෙසක වහළ ගලවයි?

පහළින් ගමන්ගත් ගුවන් යානයක් ඉහළට එසවීම නිසා ඇති වූ වායු තෙරපුම හේතුවෙන්් නිවාස හා දේපළ හානියක් සිදුවීම පිළිබද මේ පුවත වාර්තාවන්නේ අපේ රටෙන්. ඒ කටුනායක ගුවන් තොටුපලට ගොඩ බැස්වීමට සූදානමින් පැමිණි ගුවන්යානයක් නිසයි. මෙම ගුවන් යානය පහළ මට්ටමකින් ගමන් කර එක්වරම ගුවන් නියමුවා විසින් ඉහළට එසවීමේදී ඇතිවූ වායු තෙරපුමක් නිසා කිලෝමීටර් පහක පමණ වපසරියක නිවාස හා දේපළ හානියක් සිදුවී ඇති බව වාර්තා වෙනවා. සිදුවී ඇති දේපළ හානියට මෙතෙක් කිසිදු වන්දියක් ලබා දී නොමැති බවද පවසමින් ආපදාවට ලක්වූවන් කටාන පොලිසියට සහ ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියට පැමිණිලි කර තිබෙනවා.

ආපදාව සිදුවන මොහොතේ ගුවන් යානය තුළ මගීන් 292 ක් සහ කාර්ය මණ්ඩලය 12 ක් පමණ සිට ඇති බව ස`දහන් වේ. මේ තත්ත්වය සිදුවී ඇත්තේ ගුවන් යානය අඩි අටසියයක තරම් පහළින් ගමන් කර ඇති අතර, ගුවන් නියමුවා එක්වරම මෙම යානය අඩි 2,000 ක් තරම් උසකට රැගෙන යාමට ගත් උත්සාහයත් සමග බවයි ආරංචි.

නයනා උදයංගනී

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Next

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

Realted Post

Leave a comment