චීනය හැඩ කළ ලක් පුතුගේ විස්කම්...

 

ලංකාව කියන්නේ අති දක්ෂ කලා ශීල්පීන් සිටින රටක් බව රහසක් නොවෙයි. මේ වන විටත් අපේ රටේ විවිධ මූර්ති කලා නිර්මාණ දකිද්දි ඒ බව නැවත නැවතත් තහවුරු වෙනවා. මේ කියන්න යන්නේ එවැනි දක්ෂයකුගේ ප්‍රතිභාපූර්ණ හැකියාවක් ලෝකයට ගිය අපූරු පුවතක් ගැන. ඒ අපේ ඉතිහාසයේ පළමු වතාවට ලාංකීය මූර්ති කලා නිර්මාණ ශිල්පියකුගේ දෑතින් නිමවූ කලා නිර්මාණ දෙකක් චීනයේ චෙංග්ඩු නගරය අලංකරණය කිරීම සඳහා යොදාගෙන ඇති පුවතයි.


ඒ සඳහා ලෝකයේ විවිධ රටවලින් කලා ශිල්පීන් හය දෙනකුගේ නිර්මාණ 12 ක් තෝරාගෙන තිබෙන අතර මෙම නගර අලංකරණ වැඩසටහන සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට රටවල් විසි හයක මූර්ති කලා නිර්මාණ ශිල්පීන්ට චීනයට ආරාධනා කර තිබෙනවා. මෙහි වැදගත්ම සහ සතුටුදායක ආරංචිය වී තිබෙන්නේ එසේ නගර අලංකරණය සඳහා තෝරාගත් නිර්මාණ 12 අතර අපේ රටේ මූර්ති කලා නිර්මාණ ශිල්පියෙකු වන ලලිත් සේනානායක මහතාගේ නිර්මාණ දෙකක්ද ඇතුළත් වී තිබීමයි. ඒ සඳහා ඔහු විසින් නිර්මාණය කර තිබෙන නිදහසේ පියාසර කරන පක්ෂීන් දෙදෙනකු සහ අශ්වයකු සහිත මූර්ති දෙක නගර අලංකරණය සදහා තෝරාගෙන තිබෙනවා.


ඒ විතරක් නොවෙයි මේ මූර්ති ශිල්පියාගේ නිර්මාණ දෙක මේ වන විට චීනයේ ප්‍රධාන උද්‍යානයක් අලංකාර කිරීමට යොදාගෙන තිබෙන අතර එම නිර්මාණ අසල ලාංකීය ධජය ලෙළදෙන බවද ලලිත් සේනානායක පවසනවා. 

නයනා උදයංගනී    


 

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’ Read Previous

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Next

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

Realted Post

Leave a comment