ටයිටැනික් බලන්න ගිය ටයිටන් අතුරුදන්

ලෝකයම කම්පනයට පත් කරමින් අනතුරට පත්වූ ටයිටැනික් නෞකාව පිළිබ`දව අදටත් පර්යේෂණ සිදුවෙමින් පවතී. එහි පර්යේෂණ සදහා එලෙස පිටත් වී ඇති කැනේඩියානු පර්යේෂණ යාත‍්‍රාවක් වූ Polar Prince නැමති ආධාරක යාත‍්‍රාව රැගත් ටයිටන් නැමති ගිල්වන නෞකාව මේ වන විට පර්යේෂණ ස`දහා ගිය ප‍්‍රකෝටිපති පර්යේෂකයින් පස් දෙනකු සමඟ අතුරුදහන් වී ඇත.

නෞකාව අතුරුදහන් වී මේ වන විට දින දෙකකට ආසන්න කාලයක් ගතවී ඇත.  සුප‍්‍රකට ටයිටැනික් නෞකාවේ පතුලේ සුන්බුන් නැරඹීමටත්, ගවේෂණය කිරීම සදහාත් අත්ලාන්තික් සාගරයේ පතුලටම ගිල්විය හැකි මෙම නෞකාව සොයායාමේ මෙහෙයුම් තවමත් ක‍්‍රියාත්මක ය. 

පර්යේෂණ සදහා කිමිදුණු පර්යේෂකයින් වන්නේ බි‍්‍රතාන්‍ය කෝටිපති ගවේෂක හමිෂ් හාඩින්, පකිස්ථාන ව්‍යාපාරික ෂාසාදා ඩාවුඞ් සහ ඔහුගේ 19 හැවිරිදු පුතු සුලෙයිමාන් ඩාවුඞ්, කීර්තිමත් නාමයක් හිමි ප‍්‍රංශ කිමිදුම් කරුවකු වූ පෝල්xහෙන්රි නර්ජොලට් සහ OceanGate Expeditions හි නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් යන පුද්ගලයින් පස්දෙනා වන අතර මොවුන් කිසිවකු පිළිබ`දව මේ වන විට තොරතුරක් ලැබී නොමැත.    

නයනා උදයංගනී 

 

 

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Next

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

Realted Post

Leave a comment