ටයිටැනික් සොයා ගිය ගවේෂකයින් රැගත් සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමෙන් මියගොස් ඇතැයි විශ්වාස කෙරේ..

පසුගිය දිනයක ටයිටැනික් නැවේ සුන්බුන් සොයා කිමිදුනු සංචාරක සබ්මැරීනය මේවන විට ලෝකයේ සෑම දෙනකුගේම අවධානයට ලක්වූ පුවතක් වී අවසන්. ඒ ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ හදිසි ව්‍යසනයත් සමඟයි.

නැවතත් නිරුපද්‍රිතව ඔවුන්ට ජීවිතය බේරාගන්න ලැබෙන්නැයි පවසමින් විවිධ මාධ්‍යන් ඔස්සේ ඔවුන් වෙනුවෙන් සටහන් පළවෙනවා ද ඔබ දකින්නට ඇති. කෙසේ නමුත් මේ වන විට සියලූ උත්සහයන් ව්‍යර්ත කරමින් මෙම සබ්මැරීනය තුල සිටී පස්දෙනාම ව්‍යසනකාරී පිපිරීමකින් මියගොස් ඇති බව විශ්වාස කරන බව බිබිසී පුවත් සේවය වාර්තා කරයි. 

සබ්මැරීනය අනතුරට පත්වූ මොහොතේ සිට මේ වන තෙක් මහාපරිමාණ සෙවීම් සහ ගළවාගැනීමේ මෙහෙයුම්ද ක‍්‍රියාත්මකව පවතී. ඒ අනුව  ඕෂන්ගේට් පවසා සිටින්නේ සෙවුම් ක‍්‍රියාත්මකවන ප‍්‍රදේශයෙන් ඔවුන් ගමන්ගත් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමත් සමඟ මෙහි සිටී කිමිදුම්කරුවන් පස්දෙනා ”කණගාටුදායක ලෙස මියගොස් ඇති” බව තමන් විශ්වාස කරන බවයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ රියර් අද්මිරාල්වරයා පවසන්නේ මෙහි සුන්බුන් ටයිටැනික් නැවේ සුන්බුන් අසල සිට අඩි 1600ක පමණ දුරකින් හමුවී ඇති බවයි. ඒ අනුව ඉතා සංකීර්ණ පරිසරයක මෙම ව්‍යසනය සිදුවී ඇතිබව විශ්වාසකරන බැවින් මඟීන්ගේ සිරුරු ගොඩගැනීමටද හැකියාවක් තිබේද යන්න තහවුරුකරගත නොහැකි බව ඔහු පවසයි.

නයනා උදයංගනී  

 

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment