ඩුබායි දරුවන් අමතක නොකළ ලාංකීය මවු සෙනෙහස...

මවුපියන් වයසට යනවිට මහමග දමා යන යුගයක තම මවට මෙන් ශ්‍රී ලාංකික කාන්තාවකට සෙනෙහස දැක් වූ ඩුබායි දරුවන් පිරිසක් ගැනයි මේ පුවත.

ඇය නමින් ශාන්තී වන අතර ඇය මීට වසර ගණනකට පෙර එනම් 1981 වසරේ රැකියාවක් සදහා ඩුබායි රටට පිටව ගොස් ඇත්තේ දරුවන් 4දෙනකු රැකබලා ගැනීම ස`දහායි. ඒ වන විට මවු පදවියක් නොලබ සිටී ඇය එම සියලූම දරුවන්ගේ වගකීම් තමන්ට හැකි අයුරින් නොපිරිහෙලා ඉටුකර ඇත. කාලයත් සමඟගදරුවන් හතර දෙනා අට දෙනකු බවට පත් වී ඇති අතර එම දරුවන් අටදෙනාම රැකබලාගෙන ඇත්තේ ඇය විසිනි. 
අවිවාහකව සිටි ඇය වසර 38 ක් එම නිවසේ දරුවන්ට සෙනෙහස දක්වමින් ඇතිද ැඩිකර තිබෙන අතර 2009 වසරේදී ඇය අසනීප වී ඇත. නමුත් දරුවන් උපන්දා සිට ඔවුනට මවක මෙන් ආදරය දැක්වූ ඇයට අසනීපවීම ඩුබායි දරුවන්ගේ සහ එම පවුලේ උදවියට මහත් වේදනාවක් විය. අයගේ අසනීප තත්ත්වයන් සියල්ලට එම රටේදීම ප‍්‍රතිකාර ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙන්නේ එබැවිනි. ඇයට උපස්ථාන කිරීම ස`දහා ඔවුන් ලංකාවෙන් වෙනම සේවිකාවක් ද ගෙන්වාගෙන ඇත. 

කෙසේ නමුත් ඇයගේ අසනීප තත්ත්වය උස්සන්න වීමත් සමග ලංකාවට පැමිණීමට තීරණය කරන ඇයට ඒ ස`දහාද අවශ්‍ය කටයුතු සලසා දී ඇති අතර වරින් වර ඇයගේ සුවදුක් විමසීම ස`දහා ඔවුන් ලංකාවට පැමිණ තිබේ.

අවසානයේ ඇය මියගිය පසුවද ඩුබායි දරුවන් මෙරටට පැමිණ තිබෙන අතර අවමංගල්‍යයේ සියලූම කටයුතු ඔවුන් සිදුකර ඇත්තේ ඇය ඔවුන්ට දෙවැනි අම්මා කෙනෙක්ම වූ බැවිනි. අම්මා කිය කියා හඩමින් ඇයගේ දේහය මෙම දරුවන් විසින් කර මත තබාගෙන යන දසුන බලා සිටී බොහෝ පිරිසකගේ නෙතට කඳුළක් එකතු කිරීමට ද සමත් වී ඇත. 

නයනා උදයංගනී    

 

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Previous

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

දෙසැම්බරයේදී පෘතුවිය ආසන්නයට එන 3I ATLAS පිටසක්වල වස්තුවක්? Read Next

දෙසැම්බරයේදී පෘතුවිය ආසන්නයට එන 3I ATLAS පිටසක්වල වස්තුවක්?

Realted Post

Leave a comment