තුර්කි vodafone park ක්‍රීඩාංණයට සෙල්ලම්බඩු වැස්සක්

 

තුර්කියට බලපෑ භුමිකම්පාවෙන් අසරණ වුණු පුංචි දරුවන්ගේ අහංසක මුහුණුවලට ලස්සන හිනාවක් ගේන්න තුර්කි වැසියන් හරි අපූරු වැඩක් කරලා තිබෙනවා. මේ සිදුවීම සිදුවෙලා තිබෙන්නේ ස්ථාන්බුල් අගනුවර vodafone park ක්‍රීඩාංණයේදී. ඒ පසුගිය ඉරිදා දවසක බෙසික්ටාස් පාපන්දු කණ්ඩායම සහ ඇන්ටලියාස්පෝර් කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු  තුර්කි සුපර්ලිග් පාපන්දු තරගයක් අතරතුර. 


තරගය පටන් අරන් මිනිත්තු 4යි තප්පර 17ක් ගෙවී ගියාට පස්සේ පැමිණ සිටින බොහෝ පිරිසක් පුළුන් පිරවූ බෝනික්කන් සහ ලස්සන ටෙඩි බෙයාස්ලා සහ තවත් සෙල්ලම් බඩු තරග පිටිය තුළට විසිකරලා තිබෙනවා. ඔවුන් එහෙම කරලා තිබෙන්නේ පසුගිය 6 වැනිදා තුර්කි සිරියා කූමිකම්පාවෙන් විපතට පත්වුණු දරුවන්ට තෑගි දෙන්න කියලයි වාර්තා වෙන්නේ. මේ විදියට ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් එක එක විදියේ සෙල්ලම් බඩු පිටියට විසිකරලා තිබෙනවා.

 


කොහොම වුනත් 50,000කට අධික ජීවිත සංඛ්‍යාවක් බිලිගත් මේ විශාල භූමිකම්පාවෙන් ඝානා පාපන්දු ක්‍රීඩක වින්ගර් ක්‍රිස්ටියන් අට්සුටද ජීවිතය අහිමි වුණා.

නයනා උදයංගනී   


 

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Next

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

Realted Post

Leave a comment