දරුවන් 60 දෙනකුගේ පියෙකු ගැන අනාවරණයක්

 

ව්‍යාජ අනන්‍යතා හතරක් භාවිතා කර ශුක්‍රාණු පරිත්‍යාග කරමින් මේ වන විට දරුවන් 60 දෙනකුගේ පියෙක් බවට පත්ව සිටින පුද්ගලයකු පිළිබඳ අනාවරණයක් ඕස්ටේ්‍රලියානු මාධ්‍ය වාර්තා කරයි.


මෙය සොයා ගැනීමට හේතුව බවට පත්වී ඇත්තේ ඕස්ටේ්‍රලියානු සමරිසි ප්‍රජාව විසින් තමන් මවුපියන් බවට පත්වීමේ සතුට වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණු අවස්ථාවකි. ඒ අනුව මේ උත්සවයට පැමිණ තිබෙන දරුවන් බොහෝමයකගේ දේහ ලක්ෂණ එක සමාන බව මේ සමලිංගික මවුපියන්ට දක්නට ලැබී ඇත. එම නිසා ඔවුන් ඒ පිළිබඳ ඕස්ටේ්‍රලියානු ශුක්‍රාණු බැංකුවලින් විමසීමක් කර ඇති අතර, එහිදී කළ පරීක්ෂාවකදී අදාල පුද්ගලයා ව්‍යාජ තොරතුරු භාවිතා කර නිල හා නිල නොවන ආකාරයට ශුක්‍රාණු බැංකු වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බව සොයාගෙන ඇත. එමෙන්ම ඒ සඳහා ඔහු තෑගි බෝගද ලබාගෙන ඇති බව වාර්තා වේ. එහෙත් ශුක්‍රාණු පරිත්‍යාගය වෙනුවෙන් තෑගි බෝග ගැනීම ඕස්ටේ්‍රලියානු නීතිය යටතේ අපරාධමය වරදක් බවද සඳහන් වේ. 


කෙසේ නමුත් ඕස්ටේ්‍රලියානු බලධාරීන් මෙම තැනැත්තාගේ අනන්‍යතාවයතවමත් හෙළිකර නොමැත. 

නයනා උදයංගනී 


 

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Next

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

Realted Post

Leave a comment