දින 500 ක් ගුහාවක ජීවත් වූ ස්පාඤ්ඤ මළල ක්‍රීඩිකාවක්...

 

දින 500ක් කාත් කවුරුත් නොමැතිව ගුහාවක ජීවත් වූ ත්‍රාසජනක මළල ක්‍රීඩිකාවක් ගැනයි මේ කතා බහ. 

බ්‍රියටිස් ෆ්ලැමිනි නම් වූ ඇය ගුහාවේ ගතකල මේ දීර්ඝ තුල කිසිඳු මිනිස් සබඳතාවයකින් තොරව, තනිවම එහි වාසයකර ඇත. ඒ අනුව වැඩිම කාලයක් ගුහාවක ජීවත්වීමේ ලෝක වාර්තා ව ඇය විසින් තබා ඇති බව ඇයගේ සහය කණ්ඩායම විසින් ප්‍රකාශ කරයි.


ෆ්ලැමිනි පවසන්නේ ඇය එලෙස ගුහාවේ ජීවත් වන්නේ 2021 නොවැම්බර් මාසයේ 21වනදා සිට බවයි. එදින පටන් මෙතෙක් ලෝකයේ සිදුවූ කිසිදු දෙයක් පිලිබඳව තමන් නොඳැන සිටිබවද ඇය මාධ්‍යට පවසා ඇත. 

 


මේවන විට 50 වියෙහි පසුවන ඇය ගුහාවේ වාසයට යනවිට වයස අවුරුදු 48 පසු වූ බවයි සඳහන් වන්නේ.


කෙසේ නමුත් දින 500ක් ගතවී ඇති බව පිලිබඳ ඇයට වැටහීමක් තිබී නැති අතර, ඇය එයින් පිටතට පැමිණෙන විටත් සිතාගෙන ඇත්තේ ගත වී තිබෙන්නේ  දින 170 ක් හෝ 160ක් වැනි කාලයක් බවයි.

නයනා උදයංගනී


 

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් Read Previous

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම්

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී Read Next

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

Realted Post

Leave a comment