දුලීකාගේ ‘සරාගී’ Trending වෙද්දි ‘නාඳුනනා පෙම් රස කතා‘ එළි දකී

 

දුලීකා මාරපන කියන්නේ වේදිකාවට විතරක් නොවෙයි පුංචි තිරයෙත් හැමෝම ආදරේ කරන චරිතයක්. ඒ ඇය වයසට එහා ගිය වෙනස්ම චරිත ගෙන එන අපූරු හැකියාවක් තිබෙන රංගන ශිල්පිනියක් විදියටයි. ඒ නිසාම මේ දවල්වල දුලීකා ගැන වැඩි කතාබහක් පැතිරෙනවා කියන එකත් රහසක් නොවෙයි. ඒ එකවරම ඇය සරාගී වූ නිසාදෝ කියලත් හිතෙනවා. කොහොම වුනත් ‘සරාගී’ ඇයගේ අලුත්ම ගීත නිර්මාණයත් එක්ක අලුත්ම ස්වරූපයකින් කරලියට ආ ඇය ඇගේ රසකයින්ට අලුත්ම වෙනසක් ලබා දී තිබෙනවා. 


සරාගී නිර්මාණයට උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබෙන මොහොතක දුලීකා තවත් අලුත් නිර්මාණයක් එළිදක්වා තිබෙනවා. ඒ නිර්මාණය එළිදක්වා පැය කිහිපයක් ගත වී තිබුණත් මේ වන විට “සරාගී” නිර්මාණයට වගේම අලුත් ගීතයටත් රසික ප්‍රතිචාර ඉතා ඉහළින් ලැබෙමින් තිබෙනවා. දෙවන ගීතය එළිදැක්වීම ඇයට තවත් සුවිශේෂී දිනයක් කියලයි ඇය පවසන්නේ. “නාඳුනනා පෙම් රස කතා” එළිදක්වා තිබෙන්නේ ඇයගේ උපන් දිනය දා වීම ඒ විශේෂත්වයයි.


“සරාගී”  වගේම වෙනස්ම චරිත කිහිපයකින් රසික හදවත් කලඹන්න නාඳුනනා පෙම් රස කතාවලිනුත් ඇයට හැකිවෙලා තියනවා. ඒ විතරක් නොවෙයි නාදුනන පෙම් රසකතා ඇතුලේ වෙනස් චරිත හතරකින්ම ඇයව දැකගන්න අවස්ථාව ලැබෙනවා.  

 

 


 


නයනා උදයංගනී 


         

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Previous

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Next

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

Realted Post

Leave a comment