පළමු තරගයෙන් පැරදුණු සත්කාර කටාරයට FIFA කුසලානය සිහිනයක් වෙයිද?

 

ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ සත්කාරක කටාරය හා ඉක්වදෝරය සමග පැවති පළමු තරගයෙන් කටාරය පරාජයට පත්වී තිබෙනවා. ඒ සමග කටාර් කණ්ඩායමට හා එරට වැසියන්ට පාපන්දු සිහිනය වෙත ගමන් කිරීම තවත් අභියෝගාත්මක අවස්ථාවක් බවට පත්වෙනවා. 


ඉදිරිපෙළ ක්‍රීඩා කළ ඉක්වදෝරයේ වෙස්ට් හැම් වැලෙන්සියා දඬුවම් පහරකින් ගෝලයක් රැස්කරගත් අතර තරගයේ විවේක කාලයට කලින් ගෝල තත්වය 2--0 ක් සටහන් කරමින් කටාරය පහසුවෙන්ම පරාජය කිරීමට ඉක්වදොරයට හැකියාව ලැබුණා.


මෙහිදී ඉක්වදෝරය තමන්ගේ සතුට සමරද්දි බොහෝ කටාර් වැසියන් තම අසුන්වලින් ඉවත් වී තිබෙන අතර අසුන්ගෙන සිටි කටාර් වැසියන් ඉතා නිශ්ශබ්දව තමන්ගේ ආසනවලට වී හිඳ තිබෙනවා. කොහොම වුණත් FIFA ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ආරම්භක තරගයේදීම පරාජයට පත් වූ පළමු සක්තාරක කණ්ඩායමද කටාර් කණ්ඩායම වන නිසා, ඔවුන්ට එහිදී සිදු වූ අපකීර්තිය අවම කර ගැනීමට ඉදිරියේදී පළමු තරගයට වඩා හොඳ ජවයකින් සහ වෙනස් සැලසුමකින් ඉදිරි තරගවලට මුහුණදීමට සිදුවෙනවා.


නයනා උදයංගනී


 

මෙහෙවර පැසසුම් Read Previous

මෙහෙවර පැසසුම්

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ  වාර්ෂික ඇසළ පෙරහැරට  සුබ  මොහොතින්  පිරිත්  දේශණා කර  කප් සිටුවයි Read Next

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට සුබ මොහොතින් පිරිත් දේශණා කර කප් සිටුවයි

Realted Post

Leave a comment