පාපැදි තරඟයකින් කුමරියක් කුමරෙක්ව පරදයි...

 

කුමාරයෙක් කුමාරියෙක්ට පැරදිලා. ඒ වෙන කවුරුත් නෙවෙයි මේ විදියට පැරදිලා තියෙන්නේ බි්‍රතාන්‍ය රජ පවුලේ හිටපු කුමාරයෙක් වුන විලියම් කුමරු කියලයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අපූරු සිදුවීම සිද්ද වෙලා තියෙන්නේ වේල්සයේ ලෙෂර් සෙන්ටර්හිදී පැවැත්වූ බයිසිකල් පැදීමේ තරඟයකදී. ඉතින් මේ තරඟයේදී කේට් කුමරිය එයාගේ ආදරණීය සැමියව පරාජය කරලා තිබුණා.


මේ දෙන්නා සංචාරයක් අතරතුරදි තමයි පාපැදි තරඟයට සහභාගි වෙලා තිබුණේ. ඒ විතරක් නොවෙයි මේ කතාවේ රසවත්ම කොටස වෙන්නේ ඇය මේ විදියට බයිසලක් තරඟය දිනලා තිබුණේ ඇයගේ අඩි උස පාවහන් යුවලත් පැළඳගෙන වීම කැපීපෙනෙන සමත්කමක් වී තිබුණා. ඔවුන් දෙදෙනා මෙම තරඟය සිදුකර තිබුණේ ශාරීරික අභ්‍යාස සඳහා සූදානම්කර තිබූ බයිසිකල් වලින්. කොහොම වුණත් තප්පර 45ක් ඇතුළත් වැඩිම දුරක් බයිසිකල් පදින්න පු`ඵවන් කාටද කියලා උරඟා බැලූ මේ විනෝදකාමී තරඟයෙන් අවසානයට විලියම් පරදා කේට් ජයග්‍රහණය කර තිබුණා.

නයනා උදයංගනී    


 

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක්  දන්සැල Read Next

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක් දන්සැල

Realted Post

Leave a comment