පැය අටක් ෂාරුක්ගේ නිවසේ හැංගිලා හිටපු නාඳුනන රසිකයෝ...

 

ඉන්දියාව කියන්නේ අමුතුම රසිකයින් ඉන්න රටක් කිව්වොත් වැරදි නැහැ. මොකද මේ අය හුඟක් වෙලාවට තමන් ආදරය කරන සුප්‍රකට න`ඵ නිළියන්ට, ක්‍රීඩකයින්ට උන්මන්තකයින් සේ ආදරය කරනවා. ඒ නිසාම සමහර වෙලාවට තමන්ගේ රට නියෝජනය කරන ක්‍රීඩාවකදී උනත් කිසිසේත් ඔවුන් පරාජය බාරගන්න සූදානම් නැහැ. නමුත් මේ කියන්න යන්නේ ක්‍රීඩා රසිකයන්ගේ වැඩක් ගැනනම් නෙවෙයි. බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ රසිකයින් දෙපලකගේ වැඩක් ගැන.


ඉන්දීය මාධ්‍ය සඳහන් කරන විදියට ශාරුක්ගේ මන්නාට් කියන නිවසට අනවසරයෙන් ඔහුගේ රසිකයින් දෙන්නෙක් ඇතු`ඵවෙලා තිබෙනවා. ඒ වගේම මේ දෙන්නා ඔහුගේ නිවසේ වේෂ නිරූපන කාමරයේ පැය අටකට ආසන්න කාලයක් හැංගිලා ඉදලා තියනවා කියලයි ආරංචි වෙන්නේ. 


සාහිල් සලීම් ඛාන් සහ රාම් සරාෆ් කුෂ්වාහා කියන මේ දෙපල ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ට විරුද්ධව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා තිබෙනවා.
කෙසේ නමුත් නිවසේ සේවකයකු වූ සතිශ් නැමති පුද්ගලයා විසින් සැකකරුවන් දෙදෙනා වේෂ නිරූපන කාමරයේ සිට රැගෙනයන විට මේ නාඳුනන දෙපල දැකීමෙන් ශාරුක් කම්පනයට පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

නයනා උදයංගනී


 

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment