පිලිකා සමනයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නව සොයාගැනීමක්.

වසර නවයකට අධික කාලයක් තිස්සේ කරන ලද රසායනික සහ සායනික පර්යේෂණවල ප්‍රතිඵලයකට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් පිළිකා මර්ධනය සඳහා නව ⁣⁣⁣ඔසුවක් නිපදවීමට සමත්වී ඇත.

ඒ අනුව කරවිල ඇට වලින් පිලිකා මර්ධනයට උපකාරී වන කැප්සියුලයක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. එම පර්යේෂණයට අනුව ඔවුන් සොයාගෙන ඇත්තේ කරවිල ඇටවල අඩංගු "අැල්ෆා එලොස්ටෙරික්" මේද අම්ලයට පිලිකා සෛල විනාශ කිරීමට හැකියාව අැති බවයි.

ඒ වගේම මෙම නව ඔසුව තුල පිලිකා අවදානම වලක්වා ගැනීමටත්, පිලිකා ප්‍රතිකාර සඳහාත්, පිලිකා සෑදී සුවය ලැබූවකුට නැවත ඇතිවීමේ ඉඩකඩ වලක්වා ගැනීමේත් හැකියාව ඇතිබව ඔවුන්ගේ විශ්වාසයයි.

පර්යේෂකයින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ නව තාක්ෂණය යොදාගනිමින්, උසස් ප්‍රමිතියෙන් සහ 100%ක් සොභාවික අමුද්‍රව්‍ය අමුද්‍රව්‍ය වලින් නපදවා අැති මෙම ඔසුව තුළින්, පිලිකාවෙන් පීඩා විදීමට සිදුවන අතුරු ආබාධද සමනය කරගැනීමට උපකාරී වන බවයි.

නයනා උදයංගනී

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Next

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

Realted Post

Leave a comment