මුහුදු පතුලේ විස්මයජනක තරුව

බිඳෙනසුලු තරු ටැක්සෝනයේ සාමාජිකයෙකු වීම නිසා, බාස්කට් තරුව නිසැකවම සියලුම මුහුදු තරු අතරින් අමුතුම පෙනුමක් දනවනවා.  ඔවුන් "ෂෙට්ලන්ඩ් ආර්ගස්" යන නමින්ද හඳුන්වනවා.  මෙම ආකර්ෂණීය සත්වයන් සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ සාගරවල ගැඹුරු ප්‍රදේශවල සොයාගත හැකිය.  

දළ වශයෙන් දන්නා බාස්කට් තරු විශේෂ 2,100ක් පමණ සිටිනවා.

බාස්කට් තරු ප්‍රබල ධාරාවක් සහිත පාෂාණමය මුහුදු පතුලකට වැඩි කැමැත්තක් දක්වන්වා. 

බාස්කට්ස්ටාර්( basket star) "Gorgonocephalus eucnemis" යන නාමයෙන් හදුන්වන මේ ජීවී විශේෂය අඩි 50 ට වඩා අඩු ජලයේ සිටින අතර අඩි දහස් ගණනක් ගැඹුරු ජලයේ සුලබව දක්නට ලැබෙනවා.

මොවුනට අවුරුදු 35ක් දක්වා ජීවත් විය හැකි අතර බර රාත්තල් 3 - 11ක් පමණ අතර වේ, මොවුන් පාෂාණ හෝ වෙනත් උපස්ථරයකට ඇමිණීමෙන් පසු කුඩා පණුවන් සහ මාළු කීටයන් අල්ලා ගැනීම සඳහා එහි සංකීර්ණ අතු සහිත අත් පා ජලයට විහිදුවන බවයි සාගර විද්‍යාඥයින් පවසන්නේ. 

සටහන - කසුනි විජේසිංහ

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Previous

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Next

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

Realted Post

Leave a comment