මෙල්බන් සරසවි ඉතිහාසය අලුත් කළ ලාංකීය නිවුන් සොහොයුරියෝ

 

ලාංකීය නිවුන් සොහොයුරියන් දෙදෙනකු ඉකුත් 17 වනදා එනම් ලෝක නිවුන්නුන්ගේ දිනයට දිනකට පෙර අපේ රටට ආඩම්බරයක් එක් කරමින්, මෙල්බන් සරසවි ඉතිහාසයට අලුත් පිටුවක් එක්කිරීමට සමත් විය. ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානී ගුණරත්න යන නිවුන් සොයුරියන් දෙදෙනායි.  


ඕස්ටේ්‍රලියාවේ මෙල්බන් විශ්ව විද්‍යාලයේ වසර 168 ක ඉතිහාසය පුරාවට නිවුන් සොයුරියන් දෙදෙනකු එකම අවස්ථාවකදී අචාර්ය උපාධිය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි. 


ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය පිළිබඳ අධ්‍යාපනය හැදෑරීමෙන් පසු මෙම සොයුරියන් දෙදෙනා වැඩිදුර අධ්‍යාපනය සඳහා 2016 වර්ෂයේදී මෙල්බන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහාය. මේ වන විට මේ දෙදෙනාගෙන් නදීෂා ගුණරත්න අධ්‍යයන විද්‍යාඥවරියක ලෙසත්, තේජානි ගුණරත්න ජේ්‍යෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙසද කටයුතු කරයි.

නයනා උදයංගනී


   

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Previous

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Next

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

Realted Post

Leave a comment