මෙල්බන් සරසවි ඉතිහාසය අලුත් කළ ලාංකීය නිවුන් සොහොයුරියෝ

 

ලාංකීය නිවුන් සොහොයුරියන් දෙදෙනකු ඉකුත් 17 වනදා එනම් ලෝක නිවුන්නුන්ගේ දිනයට දිනකට පෙර අපේ රටට ආඩම්බරයක් එක් කරමින්, මෙල්බන් සරසවි ඉතිහාසයට අලුත් පිටුවක් එක්කිරීමට සමත් විය. ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානී ගුණරත්න යන නිවුන් සොයුරියන් දෙදෙනායි.  


ඕස්ටේ්‍රලියාවේ මෙල්බන් විශ්ව විද්‍යාලයේ වසර 168 ක ඉතිහාසය පුරාවට නිවුන් සොයුරියන් දෙදෙනකු එකම අවස්ථාවකදී අචාර්ය උපාධිය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි. 


ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය පිළිබඳ අධ්‍යාපනය හැදෑරීමෙන් පසු මෙම සොයුරියන් දෙදෙනා වැඩිදුර අධ්‍යාපනය සඳහා 2016 වර්ෂයේදී මෙල්බන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහාය. මේ වන විට මේ දෙදෙනාගෙන් නදීෂා ගුණරත්න අධ්‍යයන විද්‍යාඥවරියක ලෙසත්, තේජානි ගුණරත්න ජේ්‍යෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙසද කටයුතු කරයි.

නයනා උදයංගනී


   

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට Read Previous

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය Read Next

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය

Realted Post

Leave a comment