රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍යයක් තහනම් වෙයි.

WeChat යනු වැඩි දියුණු කරන ලද චීන ක්ෂණික පණිවිඩ යැවීමේ යෙදවුක්.

තවත් සරලව කියතොත් සමාජ මාධ්‍ය සහ ජංගම ගෙවීම් යෙදුමක්.

මෙම යෙදවුම නිසාවෙන් ආරක්ෂක ගැටළු ඇතිවිය හැකි බවත් ,ප්‍රධාන වශයෙන් යෙදුම භාවිතා කරන්නන් විසින් ඔත්තු බැලීම සඳහා මෙය භාවිතා කළ හැකි බවත් කියමින් කැනඩාව ඊට වාරණ නීති පනවා තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට භාවිතය තහනම් කරමින් කැනඩාව නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට තොරතුරු මේ හරහා සොරා ගැනීමට පවතින හැකියාව සළකා මෙය සිදුකර ඇති බවයි තවදුරටත් විදෙස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

වී චැට් හරහා, ෆේස්බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත ගමන් කිරිමේ හැකියාව පවතින අතර චීනය විසින් හදුන්වා දී ඇති මෙය ලොව පුරා බොහෝ දෙනා භාවිත කරන යෙදවුමක්.

ද යූත්ක්වේක් Read Previous

ද යූත්ක්වේක්

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment