රෝගීන් සය දෙනකුට ජීවිතය දී සමුගත් විහඟනා...

 

කුරුණෑගල මලියදේව බාලිකාවේ අධ්‍යාපනය ලබා පසුගිය දා ඉංග්‍රීසි මාධ්‍යයේ වාණිජ අංශයෙන් උසස් පෙළට පෙනී සිටී විහඟනා කියන්නේ මේ වන විටත් සය දෙනකුට ජීවිතය පරිත්‍යාග කරමින් අවසන් ගමන්ගිය දියණියක්. 


ඇයගේ මොලේ අභ්‍යන්තරයේ ඇතිව තිබූ ගෙඩියක් හේතුවෙන් මොළය මියගොස් තිබුණු අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. නිකවැරටිය, අඹන්පොළ, පදිංචි විහඟනා නුවන්මිනී ආරියසිංහ වන ඇය මේ වන විට ඇයගේ පවුලේ අයගේ අවසරය මත තමන්ගේ හදවත, පෙනහ`ඵ, අක්මාව, ඇට මිදු`ඵ සහ අක්ෂි යන අවයවයන් පරිත්‍යාග කර ඇති අතර ඇයගේ හදවත සහ පෙනහ`ඵ බද්ද කර ඇත්තේ දැඩිලෙස රෝගාතූරව සිට ඇති නිර්වින්දන වෛද්‍ය විශේෂඥවරියකුට බව වාර්තා වේ.


එමෙන්ම හදවත් සහ පෙනහ`ඵ ආබාධයක් ඇති පුද්ගලයෙකුට මෙලෙස එකවැරම අවයව බද්දකර ඇත්තේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට බවද සඳහන් වේ. ඒ අනුව ඇයගෙන් ලබාගත් ඉතිරි අවයවද රෝගී පුද්ගලයින් වෙනුවෙන් සාර්ථකව බද්දකර ඇති අතර මේ වන විට එම රෝගීන් සුවය ලබමින් සිටින බවද වාර්තා වේ.

නයනා උදයංගනී


 

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Previous

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Next

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

Realted Post

Leave a comment