ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න

අපි අද කතා කරන්නේ Apple vision pro ගැන. ඇපල් නිෂ්පාදන සමාගම කියන්නේ නොයෙකුත් දුරකථන සමාගම් අබිභවාගොස් සිය සන්නාමය ලොව සියලුම ජනතාවගේ අවධානය යොමු කරගත්  සමාගමක්. ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය Iphone  ඔවුන්ගේ පරිඝණකය Mac.  

මෙලෙස විශේෂ නම් භාවිත කරන්නට හේතුවත් ඔවුන් අනෙක් නිෂ්පාදකයින්ගෙන් වෙනස් වීමයි. මෙවරත් ඔවුන් නිර්මාණය කළේ ඇපල් වී ආර් හෙඩ් සෙට් එකක්. 

ඒ වගේ උපාංග ගණනනාවක් මේ වෙනකොටත් වෙළඳපොලේ තියෙනවා. නමුත් ඔවුන් මේක නම් කරලා තියෙන්නේ ඇපල් විෂ්න් ප්‍රෝ ලෙසයි. නමුත් මෙම උපාංගය වෙළඳ පොළේ පවතින අනෙක් උපාංගයන්ට වඩා විශේෂත්වයක් පවතී. මෙතනින් එහාට අපි කතා කරන්නේ අන්න ඒ වෙනස්කම් ගැනයි. 

මෙහි විශේෂ්ත්වය වන්නේ මෙය පාලනය වෙන්නේ ඇස් දෙකෙන් සහ අපේ චලනයන්ගෙන්. නමුත් මෙය වෙළඳපොළට පැමිණීමට ප්‍රථම වෙළඳපොලේ වී ආර් හෙඩ් සෙට් වලට එය පාලනය කිරීමට වෙනම උපාංගයන් අවශ්‍ය වුණා.

මෙමගින් ඇපල් ඇප්ස්ටොර් වෙහි තිබෙන ඕනෑම ඇප් එකක් භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම විනෝදාස්වාදය සඳහා You tube , Spotify, Netflix වගේ දේවල් එක්කත් ඉහළ ගුණාත්මක භාවයකින් යුක්තව කටයුතු කරන්නට පුළුවන්.

මෙහි ඇති විශේෂත්වය මත ඉස්සරහට ජංගම දුරකථනයක් වගේම ඔබට පරිගණයක් නොමැතිවමත් ඔබගේ කටයුතු කරගන්නට හැකියාව ලැබෙන බව බොහෝ පුද්ගලයින් කියයි.

සටහන - කසුනි විජේසිංහ

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Previous

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment