ලොව වයස්ගතම කාන්තාව දිවිමඩල නිම කරයි

 

වයස අවුරුදු 128 වූ ලොව වයස්ගතම කාන්තාව මියයෑමේ පුවත වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්. ඇයගේ නම ජොහානා මජිබුකෝ. 1894 වසරේ උපන් ජෝහානා මිය යද්දි ඇයගේ වයස අවුරුදු 128 ක් බව වාර්තා වෙනවා. කොහොම වුනත් ඇය ගැන තවමත් ගිනස් වාර්තා පොතට ඇතුළත් වෙලා නැහැ කියලයි ආරංචි වෙන්නේ. නමුත් ඇයගේ හැඳුනුම්පත තිබෙන නිසා ඇයට ගෞරවයක් ලෙස ඇය ගැන ගිනස්වාර්තා පොතට එක්විය යුතු බවයි ඥාතීන් පවසන්නේ.


ඇයට සහෝදර සහෝදරයින් 12දෙනකු සිට ඇති අතර ඇය දරුවන් හත් දෙනකුගේ මවක්. ඒ වගේම මිය යන විට ජොහානා මුනුබුරු මිනිබිරියන් සහ මී මුණුබුරන් 50කට අදික පිරිසක් සිට ඇති බව සඳහන් වෙනවා. බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් ජීවත්වුන ජොහානා කිසි දිනක පාසල් නොගිය ගැහැනියක් වුනත් කුඹුරු වැඩට දක්ෂ හොඳ ශක්තිමත් ගැහැණියක් විදියට ජීවත්වෙලා තිබෙනවා. කෙසේ නමුත් ඇයගේ නිරෝගී ජීවිතය ගැන 2022 වර්ශයේ ඇය පවසා ඇත්තේ මෙවන් අදහසක්. 


“ මගේ ළමා කාලය මට මඟ හැරුණා. නමුත් ඒ කාලයේ අපට ප්‍රශ්න තිබුණේ නැහැ. හොඳ කෑම බීම තිබුණා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තිබුණා. කිසිම සල්ලාලකමක් තිබුණේ නැහැ කියලයි”

නයනා උදයංගනී   


 

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’ Read Previous

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Next

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

Realted Post

Leave a comment