ලෝකෙන්ම පළමු තැනට ආ අපේ ක‍්‍රිකට් නායිකාව...

ක‍්‍රිකට් ක‍්‍රීඩාව කියන්නේ ලොව පුරා බොහෝදෙනෙකුගේ ප‍්‍රියතම ක‍්‍රීඩාවක්. ඒ අසාව මොනතරම්ද කියනවා නම් කි‍්‍රකට් ක‍්‍රීඩාව වැඩි දෙනෙක් අතර උන්මාදකයක් වී තිබීම රහසක් නොවේ. අපේ රටේත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වගේම අපේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ටත් ඉහළ ජනප‍්‍රියත්වයක් හිමිව ඇත්තේ ඔවුන්ද ලෝකය හමුවේ ලාංකීය නම බබළවන්නට දස්කම් පෙන්වන නිසයි. එය යළි යළිත් තහවුරු කරමින් කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබීම ක‍්‍රිකට් ලෝලී රසිකයින්ට පමණක් නොව අපේ රටටද ආඩම්බරයක් වී තිබේ.

ඇය එම දක්ෂතාව පෙන්නුම් කළේ නවසීලන්ත කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ය. ඒ ඇය ෂක්‍ක්‍ කාන්තා එක්දින ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානයට පත් වූ පළමු ක‍්‍රීඩිකාව බවට පත්වීමත් සමගයි. මෙය ලාංකීය ක‍්‍රීඩිකාවක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්වූ පළමු අවස්ථාවවීම විශේෂත්වයකි.

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Previous

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Next

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

Realted Post

Leave a comment