වසර 3ක් කොරෝනාවට බයේ සැඟව සිටී මවක සහ පුතෙක් ඉන්දියාවෙන්...

 

කොරෝනා වසංගතයෙන් මිය යයි කියන බය නිසා මේ වන තෙක් වසර තුනක් පුරා සැඟවී සිටී මවක සහ පුතකු ගැන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. මේ වන විට කොරෝනා වසංගතය සමාජයෙන් බොහෝ දුරට පහව ගිහින් තිබුණත් ඔවුන් තවමත් වසංගතයට බියේ නිවසටම වී සැඟව සිට ඇති බව වාර්තා වේ.


ඉන්දියාවේ ගුරුග්‍රාම්හි කාන්තාවක් වන ඇය මෙලෙස වසංගතයෙන් බේරීමට සිතා තමන්ගේ පුතු වසර තුනක් තිස්සේ නිවස තුලම කොටුකරගෙන සිට ඇති අතර ඇයද නිවසේම සැඟව සිට ඇත. පසුව ඔවුන් ඊයේ එනම් 22 දා මුදාගැනීමට ඉන්දීය පොළිසිය කටයුතු කර ඇත. එලෙස නිවසේ සැඟව සිටීමට පටන් ගන්නා කාලයේදී පුතුගේ වයස අවුරුදු 7ක් වන අතර දැන් ඔහුට අවුරුදු 10ක් බවද සඳහන් වේ. ඒ අවුරුදු තුනක කාලය පුරාවට දරුවා මෙන්ම ඇයද බාහිර ලෝකය දැක නැත. එමෙන්ම කොවිඩ් සැදීමෙන් දරුවා මිය යයි කියන බිය නිසා පාසලටවත් නොයවා දරුවා නිවස තුළම සඟවාගෙන ඇති බව වාර්තා වේ.


වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ දුර ප්‍රදේශයක සේවය කරන ඇයගේ සැමියාටද ඔවුන් වෙත ලඟා වීමට නොහැකි වන සේ ඇය මඟහැරීම් කර ඇත. කෑම බීම සියල්ල ඇණවුම් කිරීම් මඟින් නිවසේ දොර අසලටම ගෙන්වාගෙන ඇත. නිවසින් පිටතට බිරිඳ සහ පුතු නොයන බව සැමියා නොදැනසිටී අතර ඒ බව සැමියා දැනගෙන ඇත්තේ ඔවුන්ට නොකියා නිවසට පැමිණි මොහොතක බව අනාවරණය වේ. කෙසේ නමුත් ඔහු පැමිණෙන විටත් ගෙදර දොරගුලු දමා තිබීම හේතුවෙන්, සැමියා විසින් කරන පැමිණිල්ලකට පසු පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය නිළධාරීන් පැමිණ සිදුකල සෝදිසි කිරීමකින් පසු දරුවා සහ මව මුදාගෙන ඇතිබව වාර්තා වේ.

නයනා උදයංගනී   


 

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment