වැඩිදුර ඉගෙනුම තහනමක් වූ ඇෆ්ගන් කතුන්...

 

පුරුෂාධිපත්‍ය කියන්නේ තවමත් ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන දෙයක්. ඒ අනුව කාන්තා නිදහස සම්පූර්ණයෙන්ම අහිමිකර ඔවුන්ව මු`ඵතැන්ගෙයට සහ දරුවන් වැදීම යන කාරණා දෙකට පමණක් සිරකර සිටින අමානූෂීය සමාජ වටාපිටාවක් ඇති රටවල් තවමත් ලෝකයේ පවතී. නමුත් මේ වන විට තමන්ගේ නිදහස වෙනුවෙන් සටන් වදින කාන්තාවන් ලෝකයේ විවිධ රටවලින් බිහිවෙන බවද රහසක් නොවේ. කෙසේ නමුත් එහි දරුණුතම පීඩාව විඳින කාන්තාවන් කොටසක් ලෙස ඇෆ්ගන් කාන්තාවන් හැඳින්විය හැක. 


කාන්තා නිදහස සහමුලින්ම විනාසකර දැමූ තලේබාන් පාලකයන් විසින් ඇෆ්ගන් කාන්තා විශ්වවිද්‍යාල පවා වසාදමා ඇෆ්ගන් කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කර දැමීමට එරට පාලකයන් තීරණය කර ඇත.  ඒ අනුව එරට කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් බවත්, එම නිසා කාන්තා විශ්ව විද්‍යාල වසා දැමිය යුතු බවට නිවේදනය කර ඇත්තේ ඇෆ්ගන් තලේබාන් රජයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය. තලේබාන් තීතියට අනුව එරට ද්විතීක බාලිකා අධ්‍යාපනය පවා තහනම් වී ඇත.


2021 වර්ෂයේ අගෝස්තු මාසයේ අමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව ගිය පසුව රටේ බලය තහවුරු කරගනිමින් තලේබාන්වරු නව රජයක් පිහිටුවිය. ඒ අනුව වාර්ථා වන්නේ මේ වනවිට තලේබාන්වරු ඔවුන්ගේ නීති පද්දතිය වන දරදඬු අමානූෂීය ෂරියා නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇති බවයි.  

නයනා උදයංගනී


 

කාන්තා අයිතිවාසිකම් නීතියට පමණක් සීමා නොකර සැබෑ ජීවිතයට හිමිකර දෙමු Read Previous

කාන්තා අයිතිවාසිකම් නීතියට පමණක් සීමා නොකර සැබෑ ජීවිතයට හිමිකර දෙමු

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Next

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

Realted Post

Leave a comment