වැලන්ටයින් දා පෙම්වතියට විවාහ ඇරයුම් අරගෙන කි.මී. 1200 පයින් ගිය තායි පෙම්වතා

 

ආදරවන්තයින්ගේ දිනය දා (ඊයේ) තම පෙම්වතිය මුණ ගැසී ඇයට විවාහයට ඇරයුම් කිරීම සඳහා මාසයක් පමණ කාලයක් කිලෝමීටර් 1200ක දුරක් පයින් ඇවිද පැමිණි පෙම්වතෙකු පිළිබඳ පුවතක් තායිලන්තයෙන් වාර්තාවෙනවා. 52 වියේ පසුවන සුතෙප් මයේවි ප්‍රොම්පිත් නැමති මෙම පෙම්වතා පැමිණ ඇත්තේ තායිලන්තයේ මධ්‍යම පළාතේ පිහිටා ඇති නාකොන් නායොක් නගරයේ සිට බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහු මෙලෙස පැමිණ ඇත්තේ දකුණුදිග තායිලන්තයේ සාතුන් හි පදිංචි 56 හැවිරිදි වියේ පසුවන තානාපා යාව් ඔන් නම් තම පෙම්වතිය මුණ ගැසී විවාහ යෝජනාවක් කිරීම සඳහායි.


සුතෙප් මයේවි නම් මෙම පෙම්වතා මෙපමණ දුරක් ගෙවාගෙන පැමිණීමට හේතුවන විශේෂ කාරණයක්ද පවතින බව වාර්තා වේ. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ ඔහුගේ මෙම ගමන ලොව පුරා කාන්තාවන්ට එරෙහිව සිදුවන ගෘහස්ථ හිංසා පිටුදැකීම සහ අපයෝජන පිටුදැකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් බවයි. 


මෙම ගමනේදී ඔහුට සහයෝගය දැක්වීම සඳහා ඔහුගේ මිතුරන් පිරිසක් පැමිණ ඇතිබව සඳහන් වේ. එමෙන්ම ඔහු ගේ පෙම්වතිය වූ නතාපා වැන්දඹු කාන්තාවක් වන අතර දරුවන් දෙදෙනකුගේ මවක් ද වේ. දුරකථනය හරහා අදහස් හුවමාරු කරගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා විවාහ වීමට එකඟ වී ඇත. කෙසේ නමුත් මෙම ඇවිදීමෙන් පසුව සුතෙප් නම් පෙම්වතාගේ සිරුරේ බර කිලෝග්‍රෑම් 17කින් අඩුවී ඇති බවද වාර්තා වෙයි.     

නයනා උදයංගනී


 

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment