වැස්සත් මේ තරම් රස්නයක් දැනෙන්නේ ඇයි?

ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක 1.5 සිමාව ඉක්මවා යයිද?

මේ දිනවල විටින් විට වර්ෂාව පැවතියත් ඉතා අධික උණුසුම් කාලගුණයකින් පීඩා විඳීමට සිදුවී තිබෙනවා. මේ ස`දහා ප‍්‍රධාන වශයෙන් මිනිස් ක‍්‍රියාකාරකම් බලපා තිබෙන අතර, ඒ නිසා සිදුවන වායු විමෝචන සහ මේ වසර අවසානයේ ඇතිවීමට ඉඩ තිබෙන එල්නිනෝ කාලගුණ රටාව නිසා පැසිපික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළයාමත් බලපා තිබෙනවා.

මෙම හේතු නිසා අධිකව උණුසුම් වන ලෝකය ඉදිරි වසර කිහිපය තුළදී ප‍්‍රථම වතාවට ප‍්‍රධාන උෂ්ණත්ව සීමාව පසුකර යාමේ සම්භාවිතාව 66% ක් බවට විද්‍යාඥයෝ අනාවැකි පලකර ඇති අතර එය තාවකාලිකව පැවතිය හැකි බවද ඔවුන් පවසනවා.

පසුගිය වසරක කාලය තුළ දී මෙම මට්ටම සියයට පනහ දක්වා ඉහළගොස් තිබීම නිසා, ඉදිරි වසර කිහිපය තුළදී එම තත්ත්වය 66% ක් දක්වා ඉහළයාම සිදු නොවීමට වඩා සිදුවීමට වැඩි ඉඩක් ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

නයනා උදයංගනී

අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර Read Previous

අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර

අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර Read Next

අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර

Realted Post

Leave a comment