විනිසුරුවරියන්ගේ සහ නීතිඥවරියන්ගේ ඇඳුමට නව වෙනසක්...

 

අලුතින් ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නීති සංශෝධනයට අනුව කාන්තා විනිසුරුවරියන්ගේ සහ නීතිඥවරියන් සඳහා නව ඇඳුම් කේතයක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඉදිරියේදී කාන්තා විනිසුරුවරියන්ට සහ නීතිඥවරියන්ට සායක් සහ බ්ලවුස් හෝ කලිසම් ඇඳීමට අධිකරණයෙන් අවසර ලැබී තිබෙනවා.


එම සංශෝධනයට අනුව,
සුදු හෝ කළු හෝ අව සුදු පැහැය හෝ අළු පැහැය හෝ ළා දම් පැහැයේ සාරිය සහ හැට්ටය එක් විකල්පයක් ලෙසත්, කළු කලිසම සුදු බ්ලවුසය, කළු කබාය සහ සපත්තු තවත් විකල්පයක් ලෙසත්, කළු සාය හෝ සුදු බ්ලවුස් සහ කළු පැහැති කබාය සහ සපත්තු තවත් ඇඳුම් කේතයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.


මෙම නව ඇඳුම් කේත ප්‍රකාශ කිරීමට කලින් මෙතෙක් අවසර ලබා දී ඇත්තේ සුදු, කළු, සුදු, අළු හෝ සාරි සහ ජැකට් සඳහා පමණක් වන අතර නව සංශෝධිත ඇඳුමේ කලිසම වළලු කර දක්වා දිගවිය යුතු අතර, සාය වාඩි වී සිටින විටදී දණහිසට පහළින් තිබිය යුතු බවද සඳහන් වෙනවා. බ්ලවුසය සහ කමිසය ඉහළ කර සහ දිග අත් සහිත විය යුතු බවද එහි සඳහන්.

නයනා උදයංගනී

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Previous

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment