වෛද්‍යවරුන්ද බියට පත්කරමින් රුසියානු ජනපති අසාද්‍ය වෙයි...?

 

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සෞඛය තත්වය විටින් විට පිරිහෙන බවට දිගින් දිගටම විදෙස් පුවත් වලින් වාර්තා වූයේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමඟයි.

ඒ අනුව තවත් අලුත් පුවතක් වාර්තා වන අතර විදෙස් මාධ්‍ය පවසන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ සෞඛය තත්වය දරුණු ලෙස පිරිහී ඇති බවයි.


වෛද්‍යවරුන්ද මේ පිලිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන අතර රුසියානු ජනපතිවරයා පෙන්වන රෝග ලක්ෂණ හමුවේ වෛද්‍යවරුන්ද බියට පත්වී ඇතිබව වාර්තා වේ. 

 

ඒ අනුව ජනාධිපතිවරයා දැඩි හිසරදයකින් සහ පෙනීම බොඳවීම සහ දිව හිරි වැටීම, වැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන බව නවතම වාර්තා වලින් හෙළිවේ. ඒ වගේම ජනාධිපතිවරයාගේ දකුණු පාදයේ සහ අතෙහි සංවේදනයද අර්ධ වශයෙන් අහිමි වී ඇති බවද සඳහන් වේ. ඒ සඳහා ජනපතිවරයා ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසයි.

නයනා උදයංගනී

පළමු ගීතයෙන්ම රසිකයන් අතරට ගිය  අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය Read Previous

පළමු ගීතයෙන්ම රසිකයන් අතරට ගිය අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය

නූතන ලංකාවේ සාලිය අසෝකමාලා මාදු ගඟේ බෝට්ටු සෆාරියක් ගිහිල්ලා... Read Next

නූතන ලංකාවේ සාලිය අසෝකමාලා මාදු ගඟේ බෝට්ටු සෆාරියක් ගිහිල්ලා...

Realted Post

Leave a comment