සනුක සහ වින්ඩි යුග දිවියට...

 

“හැමදාමත් ආදරෙන් ඉන්න. අම්මගෙන්.... මගෙන්... මල්ලිගෙන් අපේ දෙපැත්තේම නෑදෑ සන්හුරේගෙන් සුබපැතුම්...”


සනුක වික්‍රමසිංහගේ විවාහ මංගල්‍ය දා ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඔහුගේ පියා සංගීත් වික්‍රමසිංහයන් තම ෆේස්බුක් ගිණුමේ පුතු වෙනුවෙන් ආදරණීය සටහනක් තැබුවේ එලෙසිනි. 


කලා පවුල් දෙකක ජනප්‍රිය තරු යුවලක් වන සනුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලකගේ විවාහ මංගල්‍යය කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි තරු පන්තියේ හෝටලයකදී පැවැත්විණි.  වින්ඩි ගුණතිලක, ලංකාවේ පොප් රජු ලෙස ආදරය දිනාගෙන සිටින රූකාන්ත ගුණතිලක සහ ප්‍රවීණ ගායන ශිල්පිණී චන්ද්‍රලේඛා පෙරේරාගේ බාල දියණිය යි. 

 
දෙස් විදෙස් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබූ ඔවුන් දෙදෙනාගේ ‘අයියෝ සාමී’ ගීත නිර්මාණයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැග සිටින මොහොතක දෙදෙනාගේ විවාහ මංගල්‍යත් සිදුවීම තවත් විශේෂ ය. 

නයනා උදයංගනී 


  

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Previous

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment