සාපෙළට A නවයක් ගත් සිසුවාට භූමිතෙල් ඉස ගිනි තබයි

සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථම නවයක් ගන්න දරුවෙක් මොනතරම් කැපවීමක් කරන්න ඕනැද? රෑ දවල් නොබලා වෙහෙස මහන්සි වෙන්න ඕනෑද? ් නවයක් අතුළෙ තියෙන්නේ දවසක දෙකක කැපවීමක සතුටක් නොවෙයි සමහරවිට වසර දෙක තුනක අඛණ්ඩව කරන ලද කැපවීමක සතුටක්. ඒ සතුට දරුවකුට වැඩිපුරම දැනෙන්නේ තමන් කරපු ඒ කැපකිරීම් ගැන ආපස්සට හැරී බලන විටයි. එහෙත් ඒ ජයග්‍රහණය දරුවෙකුට තවත් නොමිනිසුන් පිරිසකගේ ගොදුරක්බවට පත්වෙන්නම හේතුවක් වුණොත්.........

සා පෙළ විභාගය ඒ සාමාර්ථ නවයක් ලබාගෙන විභාගය සමත් වූ පාසල් සිසුවකුට භූමිතෙල් ඉස ගිනි තැබීම හේතුවෙන් මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව මහනුවර පොලිස් ස්ථානයෙන් වාර්තාවෙනවා. 


බෙරවඞ්ස් විදුහලේ ඉගෙනුම ලබන මෙම සිසුවා තමන් විභාගය සමත් වීමේ සතුට තම මිත්තනියට පවසා පියා සමග එන අතරමගදි මෙම පාපතරයින්ගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා. 


මෙම සිසුවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ ජීවත්වන වන අතර, පාසල් සිසුවා මුහුණ දුන් මේ අනපේක්ෂිත සිදුවීමෙන් ඔහුගේ හිසින් පහළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇතිබවත් මේ වන විට ඔහුට සැත්කමක්ද සිදුකර ඇතිබවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.           

    
අම්පිටිය ප්‍රදේශයේ ජීවත්වන මැර කල්ලියක් විසින් කාලයක් තිස්සේ මෙම ප්‍රදේශයේ මෙවැනි බිහිසුණු ක්‍රියා කරගෙන යන බවත්, මේ ගැන ප්‍රදේශවාසී කිසිවකු හෝ සිසුවාගේ පවුලේ කිසිවකුත් තොරතුරු හෙලි නොකරන්නේ ඔවුන්ට ඇති බිය නිසා බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. 


මෙවැනි ක්‍රියා සිදු කරන්නෙ හෙරොයින්, ගංජා, අයිස් වැනි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස් විසින් වන අතර ඔවුන් කාලයක් තිස්සේ මෙවැනි පීඩාකාරී තත්ත්වයන් ඇතිකරන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දුන්නත් එම ලබාදෙන තොරතුරු පොලිසිය විසින් නැවත අපරාධ කරුවන්ට ලබා දෙන බවටද ප්‍රදේශවාසීන් පොලිසියට චෝදනා එල්ල කරනවා.


කෙසේ නමුත් හෙට පූදින දැයේ ශක්තිමත් දරුවන්ට මෙවැනි පීඩාකාරී සමාජයක් ඇති නොවීමට නම් දැඩි සේ නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.

නයනා උදයංගනී  


 

පළමු ගීතයෙන්ම රසිකයන් අතරට ගිය  අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය Read Previous

පළමු ගීතයෙන්ම රසිකයන් අතරට ගිය අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය

ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට... Read Next

ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට...

Realted Post

Leave a comment