සිරගත කරන්නට බැරි වූ සැබෑ ප්‍රේමයක්...

 

ආදරයට නිර්වචන බොහෝමයි. ආදරේ නිසා වේදනා විඳින හුඟක් ආදර කතා අතරේ මේ ආදරණීය පෙම්වතුන්ගේ කතාව ආරංචි වෙන්නේ වව්නියාව ප්‍රදේශයෙන්. වසර විසි තුනක් පුරා සිරගතව සිට හිරෙන් නිදහස්වී පැමිණියාට පසුව තම ප්‍රේමවන්තයා වෙනුවෙන් වසර විසිතුනක් බලා සිටී පෙම්වතිය ඔහු විවාහ කරගෙන තිබෙනවා.


දෙමළ දේශපාලන සිරකරුවෙකු ලෙස වසර දෙකක් තිස්සේ සිරබත් කෑ වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ නිදහස් වී මෙලෙස ගමට පැමිණ තිබෙන අතර ඔහු නිදහස් වී පැමිණ දින හතක් ඇතුළත විවාහ දිවියට පත්ව ඇති බවයි ආරංචි වෙන්නේ.


මෙසේ සිරගතව සිට ඇත්තේ වව්නියාවේ පදිංචි ශක්තිවේල් ඉලංගේෂ්වරන් නැමති අයකු වන අතර, ඔහු වසර විසි තුනකින් නැවත පැමිණ විවාහ වීමේදී මේ මංගල පෙරහරට ආරාධනයක් නැතිවම බොහෝ දෙනකු සහභාගී වී ඇති බවද සඳහන් වේ.

නයනා උදයංගනී    


 

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Previous

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Next

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

Realted Post

Leave a comment