සිසුවියන් හයක් අපයෝජනය කළැයි ගුරුවරයෙකු රිමාන්ඩ්...?

 

ගුරුවරයෙක් යනු දරුවන්ගේ ලෝකය එළිය කරන පහනයි. දෙමාපියන්ගෙන් පසුව දරුවන් පිළිබඳ සමාජීය වශයෙන් වැඩි අයිතියක්, වගකීමක් ඇත්තේ ඔවුන්ටයි. නමුත් ඒ වෙනුවට තමන්ගේ කුහක ආශාවන් මුදුන්පත් කරගැනීමට දරුවන් යොදාගන්නා ගුරු වේශයෙන් ආ නොමිනිසුන් ද මේ සමාජයේ නැතුවම නොවේ. 


ඒ පිළිබඳ පුවතක් අනාවරණය වන්නේ අම්පාර මහඔය ප්‍රදේශයෙනි. පනස් හතර හැවිරිදිවියේ ගුරුවරයෙකු වූ ඔහු විසින් අම්පාර මහඔය අධ්‍යාපන කලාපයේ පාසැලක පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටී සිසුවියන් හයදෙනකු අපයෝජනය කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම පුද්ගලයා දෙහිඅත්ත කණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව එළඹෙන 21වනදා වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් එම්.වාසල මහත්මිය (15 දා) නියෝගකර ඇත.


කෙසේ නමුත් පොළිසිය විසින් මෙම අපයෝජනයට ලක්වූවා යැයි කියන දැරියන් මහඔය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත්කර තිබුණු අතර, සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා විසින් මෙම වරද ප්‍රතික්ෂේපකර තිබෙන බවද වාර්තා වේ.

නයනා උදයංගනී


 

මෙහෙවර පැසසුම් Read Previous

මෙහෙවර පැසසුම්

නුවර කැළි කසළ බැහැර කරන්නන්ට මින් ඉදිරියට  නඩු Read Next

නුවර කැළි කසළ බැහැර කරන්නන්ට මින් ඉදිරියට නඩු

Realted Post

Leave a comment